01

E   |     |  

 දිනය: 2015-02-06   පිළිතුර ලබා දී ඇත 

5424/2015: දුම්රිය දෙපාර්තමේන්තුවේ පුහුණු තාක්ෂණ ශිල්පීන් : උසස්වීම්

5424/’14

 

ගරු සුනිල් හඳුන්නෙත්ති මහතා,— අභ්‍යන්තර ප්‍රවාහන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)      දුම්රිය දෙපාර්තමේන්තුවේ පුහුණු ශිල්පී මූලික සේවා ව්‍යවස්ථාවට අනුව, 1997.01.01 දින සිට සියලුම පුහුණු ශිල්පීන් එම සේවාවට අන්තර්ග්‍රහණය කර ඇති බව දන්නේද;

(ii) වෙනත් කිසිදු සේවා ව්‍යවස්ථාවක නොමැති කොන්දේසියක් ලෙස මෙම සේවාවේ කාණ්ඩ සහ උසස්වීම අනුව “අ” කාණ්ඩයේ සිටින ශිල්පීන්ට පළමුවැනි පන්තිය සඳහා උසස්වීම් ලබාදීමේදී 6:1 අනුපාතය අනුගමනය කරනු ලබන්නේද;

(iii) එම අනුපාතය 6/2006 චක්‍රලේඛය ක්‍රියාත්මක කිරීමේදී වෙනස් කරන බවට අවස්ථා කීපයකදී බලධාරීන් විසින් එකඟ වී ඇති බව දන්නේද;

(iv) නමුත්, මේ වනතුරුත් 6/2006 චක්‍රලේඛය අනුව උසස්වීම් පටිපාටියක් සකස් කිරීමට අපොහොසත්වී තිබේද;

(v) එසේ නම්, එයට හේතු කවරේද;

(vi) මෙම ගැටලුව නිසා වැටුප් වර්ධක උපරිම සීමාවේ රැඳී සිටින විශාල සේවක පිරිසකට ද අසාධාරණයක් සිදුවන බව දන්නේද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2015-02-06

අසන ලද්දේ

ගරු සුනිල් හඳුන්නෙත්ති මහතා, පා.ම.

අමාත්‍යාංශය

අභ්‍යන්තර ප්‍රවාහන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

* සභාමේසය මත තබන ලද පිළිතුර:

* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :

* Answer tabled:

 

(අ)           (i)      දුම්රිය දෙපාර්තමේන්තුවේ පුහුණු ශිල්පී මූලික සේවා ව්‍යවස්ථාවක් නැත. ඇත්තේ ශ්‍රී ලංකා දුම්රිය මූලික තාක්ෂණ සේවා ව්‍යවස්ථා සංග්‍රහයයි. එයට 1997.01.01 දින සිට අදාළ ශිල්පීන් අන්තර්ග්‍රහණය කර ඇත.

               (ii)      ඔව්.

              (iii)      ඔව්.

              (iv)      ඔව්.

               (v)      රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 6/2006 අනුව මූලික තාක්ෂණ සේවයේ දැනට සිටින නිලධාරින්ට පෞද්ගලික වන සේ උස්ස කිරීමේ පටිපාටියක් කෙටුම්පත් කොට යොමු කර ඊට ආයතන අධ්‍යක්ෂ ජනරාල්ගේ හා වැටුප් හා සේවක             සංඛ්‍යා කොමිෂන් සභාවේ නිර්දේශ ලබා ගන්නා ලදී. එම නිර්දේශ අනුව අදාළ පටිපාටිය නැවත සංශෝධනය කර සකස් කරමින් පවතී.

මෙම දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩල ප්‍රතිව්‍යුහගතකරණය යටතේ කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව විසින් 2013.04.09 දිනැතිව කාර්ය මණ්ඩලය අනුමත කරන ලද අතර, 2014.04.30 දිනැතිව නැවත සංශෝධනයක් ද සිදු කරන ලදී. එම අනුමැතිය ලද පසු බඳවා ගැනීමේ පටිපාටි කෙටුම්පත් කිරීමට සිදු වූ බැවින් රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 6/2006 අනුව නව පටිපාටි සකස් කිරීමට කල්ගත විය.

කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ උපදෙස් අදාළ ප්‍රතිව්‍යුහගතකරණය යටතේ මූලික තාක්ෂණ සේවයට අයත් තනතුරු MT 1, MT 2 හා PL 3 යන වැටුප් තල පිහිටුවීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා ගන්නා ලදී. එසේ වුවත්, මෙම වැටුප් තල තුනට තනතුරු බෙදා වෙන් කිරීම ක්‍රමානුකූලව ගැලපීම නොකර සිදු කර තිබූ බැවින් නව වැටුප් තල ක්‍රියාත්මක කිරීම ගැටලු සහගත විය. එසේම මෙම වැටුප් තල ලබා දීම හේතුවෙන් දෙපාර්තමේන්තුව ඊට ඉහළ වැටුප් තලවල නිලධාරින්ද ඔවුන්ටත් ඉහළ වැටුප් තල ලබා දෙන ලෙස ඉල්ලා සිටින ලදී. කෙසේ වෙතත් මේ තත්ත්වය මත දෙපාර්තමේන්තුවේ සමස්ත ව්‍යුහයම සමාලෝචනය කර කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව වෙත නැවත නිර්දේශ ඉදිරිපත් කිරීමට කටයුතු කරමින් පවතී.

(vi) නැත.

රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 6/2006 (xi) විධිවිධාන අනුව උසස්වීම් ලබා ගැනීමට නොහැකිව උපරිමයේ රැඳී සිටින නිලධාරින් හට උපරිමය ඉක්මවා වැටුප් වර්ධක ලබා දීමට කටයුතු කර ඇත.

(ආ) පැන නොනඟී.

පිළිතුරු දුන් දිනය

2015-04-08

විසින් පිළිතුරු දෙන ලදී

ගරු අබ්දුල් හලීම් මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks