பாராளுமன்றத்தின் கையேடு
இலங்கையில் தேர்தல் முறை
பாராளுமன்றம் எவ்வாறு செயல்படுகிறது
பாராளுமன்ற அலுவல்கள்
உள் நுழைந்து உங்கள் பாராளுமன்றத்துடன் இணைந்து கொள்க
----
கேட்கப்பட்ட திகதி
2015-02-06
கேட்டவர்
கௌரவ சுனில் ஹந்துன்னெத்தி, பா.உ.
அமைச்சு
உள்ளகப் போக்குவரத்து
சட்டவாக்கம்
இலங்கை சனநாயக சோசலிசக் குடியரசின் ஏழாவது பாராளுமன்றம்
கூட்டத்தொடர்
1 வது கூட்டத்தொடர்
* සභාමේසය මත තබන ලද පිළිතුර:
* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :
* Answer tabled:
(අ) (i) දුම්රිය දෙපාර්තමේන්තුවේ පුහුණු ශිල්පී මූලික සේවා ව්‍යවස්ථාවක් නැත. ඇත්තේ ශ්‍රී ලංකා දුම්රිය මූලික තාක්ෂණ සේවා ව්‍යවස්ථා සංග්‍රහයයි. එයට 1997.01.01 දින සිට අදාළ ශිල්පීන් අන්තර්ග්‍රහණය කර ඇත.
(ii) ඔව්.
(iii) ඔව්.
(iv) ඔව්.
(v) රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 6/2006 අනුව මූලික තාක්ෂණ සේවයේ දැනට සිටින නිලධාරින්ට පෞද්ගලික වන සේ උස්ස කිරීමේ පටිපාටියක් කෙටුම්පත් කොට යොමු කර ඊට ආයතන අධ්‍යක්ෂ ජනරාල්ගේ හා වැටුප් හා සේවක සංඛ්‍යා කොමිෂන් සභාවේ නිර්දේශ ලබා ගන්නා ලදී. එම නිර්දේශ අනුව අදාළ පටිපාටිය නැවත සංශෝධනය කර සකස් කරමින් පවතී.
මෙම දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩල ප්‍රතිව්‍යුහගතකරණය යටතේ කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව විසින් 2013.04.09 දිනැතිව කාර්ය මණ්ඩලය අනුමත කරන ලද අතර, 2014.04.30 දිනැතිව නැවත සංශෝධනයක් ද සිදු කරන ලදී. එම අනුමැතිය ලද පසු බඳවා ගැනීමේ පටිපාටි කෙටුම්පත් කිරීමට සිදු වූ බැවින් රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 6/2006 අනුව නව පටිපාටි සකස් කිරීමට කල්ගත විය.
කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ උපදෙස් අදාළ ප්‍රතිව්‍යුහගතකරණය යටතේ මූලික තාක්ෂණ සේවයට අයත් තනතුරු MT 1, MT 2 හා PL 3 යන වැටුප් තල පිහිටුවීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා ගන්නා ලදී. එසේ වුවත්, මෙම වැටුප් තල තුනට තනතුරු බෙදා වෙන් කිරීම ක්‍රමානුකූලව ගැලපීම නොකර සිදු කර තිබූ බැවින් නව වැටුප් තල ක්‍රියාත්මක කිරීම ගැටලු සහගත විය. එසේම මෙම වැටුප් තල ලබා දීම හේතුවෙන් දෙපාර්තමේන්තුව ඊට ඉහළ වැටුප් තලවල නිලධාරින්ද ඔවුන්ටත් ඉහළ වැටුප් තල ලබා දෙන ලෙස ඉල්ලා සිටින ලදී. කෙසේ වෙතත් මේ තත්ත්වය මත දෙපාර්තමේන්තුවේ සමස්ත ව්‍යුහයම සමාලෝචනය කර කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව වෙත නැවත නිර්දේශ ඉදිරිපත් කිරීමට කටයුතු කරමින් පවතී.
(vi) නැත.
රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 6/2006 (xi) විධිවිධාන අනුව උසස්වීම් ලබා ගැනීමට නොහැකිව උපරිමයේ රැඳී සිටින නිලධාරින් හට උපරිමය ඉක්මවා වැටුප් වර්ධක ලබා දීමට කටයුතු කර ඇත.
(ආ) පැන නොනඟී.
பதில் தேதி
2015-04-08
பதில் அளித்தார்
கௌரவ அப்துல் ஹலீம், பா.உ.
பாராளுமன்றத்திற்கு வருகை தருதல்
பாராளுமன்றத்தின் கையேடு
இலங்கையில் தேர்தல் முறை
பாராளுமன்றம் எவ்வாறு செயல்படுகிறது
பாராளுமன்ற அலுவல்கள்
பதிப்புரிமை © இலங்கை பாராளுமன்றம்.
முழுப்பதிப்புரிமையுடையது.
வடிவமைத்து உருவாக்கியது TekGeeks