පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
5225/’14
ගරු අශෝක් අබේසිංහ මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ ප්‍රතිපත්ති සම්පාදන, ආර්ථික කටයුතු, ළමා, තරුණ හා සංස්කෘතික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) මහා මාර්ග සංවර්ධනය සඳහා දේශීය බැංකු මගින් මුදල් ලබා දෙන්නේද යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ආ) (i) එසේ නම්, මාර්ග සංවර්ධන ව්‍යාපෘති සඳහා මුදල් ලබා දී ඇති දේශීය බැංකු කවරේද;
(ii) එම එක් එක් බැංකුව මගින් ලබා දී ඇති මුදල් ප්‍රමාණය සහ මුදල් ලබා දී ඇති මහා මාර්ග ව්‍යාපෘති වෙන් වෙන් වශයෙන් කවරේද;
යන්න එතුමා සභාගත කරන්නෙහිද?
(ඇ) ලබා දුන් මුදල් නැවත බැංකු වෙත ලබා ගැනීමේ ක්‍රමවේදය කවරේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2015-04-23
අසන ලද්දේ
ගරු අශෝක් අබේසිංහ මහතා, පා.ම.
අමාත්‍යාංශය
ප්‍රතිපත්ති සම්පාදන, ආර්ථික කටයුතු, ළමා, තරුණ හා සංස්කෘතික කටයුතු
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) ඔව්.
(ආ) (i) මාර්ග සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා දේශීය බැංකු මඟින් ලබා ගත් මූල්‍ය පහසුකම් වගුව 1න් හා වගුව 2න් දැක්වේ.
වගුව 1
|
බැංකුව |
ගිවිසුම්ගත මුදල (රු. බි.) |
2015.03.31 දිනට උපයෝජනය කළ මුදල (රු. බි.) |
|
ලංකා බැංකුව |
36.66 |
25.83 |
|
මහජන බැංකුව |
14.59 |
13.84 |
|
ජාතික ඉතිරි කිරීමේ බැංකුව |
55.37 |
51.67 |
|
හැටන් නැෂනල් බැංකුව |
28.26 |
13.62 |
|
කොමර්ෂල් බැංකුව |
7.21 |
4.80 |
|
ඩීඑෆ්සීසී බැංකුව |
1.33 |
1.04 |
|
ජාතික සංවර්ධන බැංකුව |
8.35 |
4.70 |
|
එකතුව |
151.77 |
115.50 |
මේ අනුව ගිවිසුම් ගත මුදල් රුපියල් බිලියන 151යි. උපයෝජනය කළ මුදල රුපියල් බිලියන 115යි.
මීට අමතරව විදේශ ණය දෙන ආයතන මඟින් මූල්‍යයනය කෙරෙන මාර්ග සංවර්ධනය ව්‍යාපෘති සඳහා ප්‍රතිපාර්ශ්වීය අරමුදල් සැපයීම පිණිස දේශීය බැංකු මඟින් ලබා ගත් මූල්‍ය පහසුකම් වගුව 2න් දැක්වේ.
වගුව 2
|
ව්‍යාපෘතිය |
බැංකුව |
ගිවිසුම්ගත මුදල |
2015.03.31 දිනට උපයෝජනය කළ මුදල |
|
කොළඹ - කටුනායක අධිවේගී මාර්ග ව්‍යාපෘතිය |
මහජන බැංකුව |
ඇ.ඩො.මි. 44.7 |
ඇ.ඩො.මි. 38.6 |
|
පිටත වට රවුම් මහාමාර්ග ව්‍යාපෘතිය |
ලංකා බැංකුව |
රු.මි. 1,810.0 |
රු.මි. 206.8 |
(ii) දේශීය බැංකු මඟින් මාර්ග සංවර්ධන ව්‍යාපෘති සඳහා ලබා ගත් මූල්‍ය පහසුකම් වගුව 3* ලෙස අමුණා ඇත. ඒ වගුවේ ව්‍යාපෘති 64ක් සඳහන්ව තිබෙනවා.
(ඇ) දේශීය බැංකු විසින් සපයනු ලබන අරමුදල් මඟින් දේශීය කොන්ත්‍රාත්කරුවන් යොදවා ජාතික මහාමාර්ග පුනරුත්ථාපනය කිරීමේ වැඩසටහන යටතේ බැංකු මඟින් ලබා දෙන ණය මුදල් ආපසු ගෙවීම සඳහා ඒ ඒ වසරේදී, අවශ්‍ය මුදල් ප්‍රමාණයන් ජාතික අයවැය දෙපාර්තමේන්තුව විසින් මාර්ග සංවර්ධන අධිකාරියට වෙන් කර දෙනු ලැබේ.
මෙම ණය මුදල් ආපසු ගෙවීම සඳහා වසර දෙකහමාරක අනුග්‍රාහක කාලයක් පවතින අතර, එම අනුග්‍රාහක කාලය තුළ පොලී මුදල් පමණක් ද, අනුග්‍රාහක කාලයෙන් අනතුරුව ණය මුදල ආපසු ගෙවීම සහ පොලී මුදල් ගෙවීම ද සිදු කරනු ලැබේ.
(ඈ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2015-05-21
විසින් පිළිතුරු දෙන ලදී
ගරු රනිල් වික්‍රමසිංහ මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks