01

E   |     |  

 දිනය: 2015-02-05   පිළිතුර ලබා දී ඇත 

5204/2015: ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ සේවකයන්: උසස්වීම්

5204/’14

 

ගරු සුනිල් හඳුන්නෙත්ති මහතා,— මුදල් අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

 (අ)        (i)       ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ සේවක පිරිසකට 2013.07.01 දින සිට ක්‍රියාත්මක වන පරිදි III - II ශ්‍රේණියට උසස් වීම් ලබා දී තිබේද;

             (ii)       එම උසස්වීම්ලාභීන්ගේ නාම ලේඛනයක් සභාගත කරන්නේද;

(iii) උක්ත උසස්වීම් ලබාදීමේදී උසස්වීම් ලැබිය යුතු පිරිසක් මඟ හැරී ඇති බව දන්නේද;

(iv) අදාළ දිනයට පෙර විශ්‍රාම ගිය සේවකයින් පිරිසක්ද එම උසස්වීම් ලබාදීම සඳහා අදාළ කරගෙන තිබේද;

(v) ඉහත (iv) හි පරිදි උසස්වීම් ලබාදීමට හැකියාවක් ‍නොමැති බව දන්නේද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2015-02-05

අසන ලද්දේ

ගරු සුනිල් හඳුන්නෙත්ති මහතා, පා.ම.

අමාත්‍යාංශය

මුදල්

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)       ඔව්.

                        2013.07.01 දින සිට බලපැවැත්වෙන පරිදි බැංකු සේවකයින් එකසිය තිස්නව දෙනෙකු අධීක්ෂණ නිලධාරි (III-III ශ්‍රේණිය) තනතුරේ සිට විධායක නිලධාරි (III-II ශ්‍රේණිය) තනතුර දක්වා උසස් කර ඇත.

              (ii)       ඔව්.

                        ඇමුණුම 01හි දක්වා ඇත.  ඇමුණුම සභාගත* කරමි.

            (iii)       නැත.

(iv) ඔව්.

(v) මෙම සේවකයින් විශ්‍රාම යාමට පෙර III-II ශ්‍රේණියට උසස් කිරීම සඳහා වූ සම්මුඛ පරීක්ෂණයට පෙනී සිටින ලද අතර, එහිදී ඔවුන් කඩඉම් ලකුණ ඉක්මවා ලකුණු ලබාගෙන තිබූ බැවින්, III-II ශ්‍රේණිය වෙත උසස් කිරීම සඳහා සුදුසුකම් ලබා තිබුණි.

(ආ) පැන නොනඟී.

පිළිතුරු දුන් දිනය

2015-02-05

විසින් පිළිතුරු දෙන ලදී

ගරු රවී කරුණානායක මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks