පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
5196/’14
ගරු සුනිල් හඳුන්නෙත්ති මහතා,— විදුලිබල හා බලශක්ති අමාත්‍යතුමියගෙන් ඇසීමට,—
(අ) (i) ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියාත්මකවන ගල් අඟුරු බලාගාර සංඛ්‍යාව කොපමණද;
(ii) එම බලාගාරවල නම් කවරේද;
(iii) අලුතින් ඉදිකිරීමට යෝජිත ගල් අඟුරු බලාගාර සංඛ්‍යාව කොපමණද;
(iv) එම බලාගාර ස්ථාපිත කරන ප්‍රදේශ කවරේද;
(v) එම ඉදිකිරීම් සඳහා අවශ්‍ය ඉඩම් ලබා ගැනීමේ ක්‍රමවේදය කවරේද;
(vi) නොරොච්චෝලේ තාප විදුලි බලාගාරයෙන් දැනට ජනනය කර ඇති විදුලි ඒකක සංඛ්‍යාව කොපමණද;
(vii) එය ලංකාවේ විදුලිබල අවශ්‍යතාවයෙන් කොපමණ ප්‍රතිශතයක්ද;
යන්න එතුමිය සඳහන් කරන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2014-09-26
අසන ලද්දේ
ගරු සුනිල් හඳුන්නෙත්ති මහතා, පා.ම.
අමාත්‍යාංශය
විදුලිබල හා බලශක්ති
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියාත්මක වන ගල් අඟුරු බලාගාර සංඛ්‍යාව එකකි.
(ii) එය පුත්තලම, නොරොච්චෝලේ පිහිටි ලක් විජය විදුලි බලාගාරයයි.
(iii) ලංකා විදුලිබල මණ්ඩලය විසින් පළ කරන ලද 2013-2032 දිගුකාලීන ජනක සැලසුමට අනුව නුදුරු අනාගතයේදී අලුතින් තවත් ගල් අඟුරු විදුලි බලාගාරයක් ඉදි කිරීමට සැලසුම් කර ඇත.
(iv) එම විදුලි බලාගාරය සාම්පූර් ප්‍රදේශයේ ඉදි කිරීමට තීරණය කර ඇත.
(v) මේ සඳහා මූලික වශයෙන් රජයට අයත් ඉඩම් යොදා ගැනීමට සැලසුම් කර ඇත. රජයේ ඉඩම් ප්‍රමාණවත් නොවන අවස්ථාවන්හිදී 2009 අංක 20 දරන ශ්‍රී ලංකා විදුලි පනතේ 52 වැනි ඡේදයට ප්‍රකාරව කටයුතු කරමින් පෞද්ගලික ඉඩම් ද ඒ සඳහා පවරා ගැනීම කරනු ලැබේ.
(vi) නොරොච්චෝලේ තාප විදුලි බලාගාරය 2014.12.31 දින වන විට ජනක යන්ත්‍ර 1 මඟින් 5418.49 GWhක විදුලි ශක්තියක් ද, ජනක යන්ත්‍ර 2 මඟින් 1222.8402 GWhක විදුලි ශක්තියක් ද, ජනක යන්ත්‍ර 3 මඟින් 434.1885 GWhක විදුලි ශක්තියක් ද ජනනය කර ඇත.
(vii) එය ලංකාවේ සම්පූර්ණ විදුලිබල අවශ්‍යතාවයෙන් 15%ක ප්‍රතිශතයකි.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2015-02-19
විසින් පිළිතුරු දෙන ලදී
ගරු පාඨලී චම්පික රණවක මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks