01

E   |     |  

 දිනය: 2015-03-04   පිළිතුර ලබා දී ඇත 

5120/2015: විශ්වවිද්‍යාල සිසුන් සඳහා නේවාසිකාගාර : ඉදිකිරීම

5120/’14

 

ගරු අජිත් මාන්නප්පෙරුම මහතා,— මහාමාර්ග, උසස් අධ්‍යාපන හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)          (i)      2013 / 2014 වර්ෂවලදී විශ්වවිද්‍යාල සිසුන් සඳහා නේවාසිකාගාර 60 ක් ඉදිකිරීම සඳහා උසස් අධ්‍යාපන අමාත්‍යාංශය යම් ආයතන හා ගිවිසුම්ගත වී තිබේද;

(ii) එසේ නම්, එම ඉදිකිරීම්වලට අදාළව ගිවිසුම් ඇති කර ගත් ආයතන කවරේද;

(iii) එම ඉදිකිරීම් ආයතන තෝරා ගැනීමේදී පිළිගත් ටෙන්ඩර් පටිපාටි අනුගමනය කරනු ලැබුවේද;

(iv) නොඑසේ නම්, එම ආයතන තෝරා ගැනීමට පාදක කරගත් කරුණු කවරේද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ආ) (i) ඉහත සඳහන් එක් එක් ආයතනයට ඉදිකිරීමට ලබා දී ඇති නේවාසිකාගාර සංඛ්‍යාව සහ එම ඉදිකිරීම්වලට අදාළව ගිවිසුම්ගත මුදල වෙන් වෙන් වශයෙන් කොපමණද;

(ii) එක් එක් ගිවිසුම්කරු විසින්  නේවාසිකාගාර ඉදිකිරීම අවසන් කිරීමට නියමිත දිනය කව‍රේද;

(iii) ඉදිකරනු ලබන එක් එක් නේවාසිකාගාරයේ නේවාසික පහසුකම් ලබාදීමට හැකි සිසුන් සංඛ්‍යාව කොපමණද;

 

(iv) එම එක් එක් නේවාසිකාගාරය ඉදිකිරීම සඳහා උසස් අධ්‍යාපන අමාත්‍යාංශය වැය කරන මුදල කොපමණද;

යන්න එතුමා සභාගත කරන්නෙහිද?

(ඇ) නොඑසේ නම්,  ඒ මන්ද?

 

අසන ලද දිනය

2015-03-04

අසන ලද්දේ

ගරු අජිත් මාන්නප්පෙරුම මහතා, පා.ම.

අමාත්‍යාංශය

මහාමාර්ග, උසස් අධ්‍යාපන හා ආයෝජන ප්‍රවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

* සභාමේසය මත තබන ලද පිළිතුර:

* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :

*Answer tabled:

 

 

(අ) (i) 2013 වර්ෂ‍යේදී නේවාසිකාගාර 30ක් සඳහා ද 2014 වර්ෂයේදී නේවාසිකාගාර 23ක් සඳහා ද දැනට ගිවිසුම්ගතව ඇත. ගිවිසුම්ගත වීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය දී ඇති මුළු නේවාසිකාගාර සංඛ්‍යාව 60කි.

 

  (ii)      ඉන්ටර්නැෂනල් කන්ස්ට්‍රක්ෂන් කොන්සෝටියම් (පුද්ගලික) සමාගම හා සන්කෙන් (පුද්ගලික) සමාගම.

 

      (iii)     ඔව්. අමාත්‍ය මණ්ඩල අනුමැතිය පරිදි මෙම ආයතන තෝරා ගෙන ඇත.

 

 (iv) ඉහත (iii) අනුව අදාළ නොවේ.

 

(ආ) (i) අදියර 1 යටතේ

ආයතනය

ගිවිසුම්ගත   නේවාසිකාගාර ප්‍රමාණය

ගිවිසුම්ගත මුදල (වැට් රහිත) රුපියල්

එක් නේවාසිකාගාරයකට

සමස්ත නේවාසිකාගාර සඳහා

ඉන්ටර්නැෂනල් කන්ස්ට්‍රක්ෂන් කොන්සෝටියම්(පුද්ගලික සමාගම

14

196,428,707.15

2,750,001,900.10

Sanken (පුද්ගලික) සමාගම

16

196,427,600.00

3,142,841,600.00

 

අදියර 2 යටතේ

ආයතනය

ගිවිසුම්ගත   නේවාසිකාගාර ප්‍රමාණය

ගිවිසුම්ගත මුදල (වැට් රහිත) රුපියල්

එක් නේවාසිකාගාරයකට

සමස්ත නේවාසිකාගාර සඳහා

ඉන්ටර්නැෂනල් කන්ස්ට්‍රක්ෂන් කොන්සෝටියම්(පුද්ගලික සමාගම

8

201,398,353.44

1.611,186,827.52

Sanken (පුද්ගලික) සමාගම

15

201,397,218.28

3,020,958,274.20

 

 

(ii)  එක් එක් විශ්වවිද්‍යාල විසින් අදාළ ඉදි කිරීම් කටයුතු සඳහා ඉඩම් භාර දෙන දින සිට වසරක කාලයක් ඇතුළත මෙම ඉදි කිරීම් අවසන් කළ යුතු වේ.

(iii) එක් නේවාසිකාගාරයක සිසුන් 400 බැගින් නේවාසිකාගාර 60 සඳහා සිසුන් 24,000කි.

(iv) ඉහත (ආ) (i) මඟින් දක්වා ඇත. මුළු ව්‍යාපෘතියේ වටිනාකම රුපියල් 10,524,988,601.82

(ඇ) පැන නොනඟී.

පිළිතුරු දුන් දිනය

2015-04-10

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (වෛද්‍ය) සුදර්ශිනී ප්‍රනාන්‍දුපුල්ලේ මහත්මිය, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks