පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
5114/’14
ගරු අජිත් මාන්නප්පෙරුම මහතා,— මුදල් අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) 2014 වර්ෂයේ අයවැය යෝජනාවලට ඇතුළත් වූ කාන්තාවන් සඳහා පොලී රහිත ණය ලබා දීමේ යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කර තිබේද;
(ii) එසේ නම්, එම යෝජනා ක්‍රමය ආරම්භ කළ දිනය කවරේද;
(iii) එම යෝජනා ක්‍රමය යටතේ ණය ලබා ගත හැකි ආකාරය කවරේද;
(iv) ණය ලබා ගැනීම සඳහා කාන්තාවන් විසින් සම්පූර්ණ කළ යුතු සුදුසුකම් කවරේද;
(v) ඒ සඳහා ඇපකරුවන් හෝ ඇපකරයන් අවශ්‍ය වේද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ආ) දැනට එම පොලී රහිත ණය මුදල් ලබා දී ඇති කාන්තාවන් සංඛ්‍යාව එක් එක් දිස්ත්‍රික්කය අනුව, වෙන් වෙන් වශයෙන් කොපමණද යන්න එතුමා සභාගත කරන්නෙහිද?
(ඇ) ඉහත සඳහන් ණය යෝජනා ක්‍රමය මේ වන විට ක්‍රියාත්මක නොවන්නේ නම්, එයට හේතු කවරේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2015-03-03
අසන ලද්දේ
ගරු අජිත් මාන්නප්පෙරුම මහතා, පා.ම.
අමාත්‍යාංශය
මුදල්
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) 2014 අය වැය යෝජනා පරිදි කාන්තාවන් සඳහා පොලී රහිත ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කර තිබේ.
(ii) 2014 මාර්තු මස 8 වැනි දා. (ජාත්‍යන්තර කාන්තා දිනය.)
(iii) ප්‍රාදේශීය සංවර්ධන බැංකුව මඟින් එම ණය ලබා ගත හැක.
(iv) කාන්තාවක විසින් මෙහෙයවන ව්‍යාපෘතියක්/ ව්‍යාපාරයක්/ නිෂ්පාදන ක්‍රියාවලියක්/ සේවා සැපයීමක් අලුතින් ආරම්භ කිරීම හෝ වැඩිදියුණු කිරීම
විශේෂයෙන් සම්ප්‍රදායානුකූල ව්‍යාපෘතිවලින් බැහැර නිර්මාණශීලී ව්‍යාපෘතීන්.
(v) ඇපකර හෝ ඇපකරුවන් අවශ්‍ය නැත.
(ආ) දිස්ත්‍රික්ක අනුව කාන්තාවන් සඳහා ණය ලබා දී ඇති ආකාරය ඇමුණුමෙහි සඳහන් වේ. ඇමුණුම සභාගත* කරමි.
(ඇ) මෙම යෝජනා ක්‍රමය 2014/2015 යන වසර දෙක සඳහාම ක්‍රියාත්මක වේ.
(ඈ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2015-03-03
විසින් පිළිතුරු දෙන ලදී
ගරු රවී කරුණානායක මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks