01

E   |     |  

 දිනය: 2015-02-18   පිළිතුර ලබා දී ඇත 

5111/2015: විදුලිය බෙදා හැරීමේ කලාප : වියදම

5111/’14

 

ගරු අජිත් මාන්නප්පෙරුම මහතා,— විදුලිබල හා බලශක්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)          (i)       ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලිය බෙදා හැරී‍මේ කලාප  (Transmission   Divisions) සංඛ්‍යාව කොපමණද;

            (ii)       එම කලාප  කවරේද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?      

(ආ)  (i)  2012 වර්ෂය තුළ ඉහත එක් එක් කලාපය මගින් විදුලි ඒකකයක් බෙදා හැරීම සඳහා දැරූ වියදම වෙන් වෙන් වශයෙන් කොපමණද;

  (ii)  2012 වර්ෂය තුළ විදුලි ඒකකයක් බෙදා හැරීම සඳහා දරන ලද වියදම ඉහත එක් එක් කලාපය අනුව වෙනස් වී තිබේ නම්, ඊට හේතු කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ)  නොඑසේ නම්,  ඒ මන්ද?

 

අසන ලද දිනය

2015-02-18

අසන ලද්දේ

ගරු අජිත් මාන්නප්පෙරුම මහතා, පා.ම.

අමාත්‍යාංශය

විදුලිබල හා බලශක්ති

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      බෙදා හැරීම් කලාප හතරකි. (4)  

              (ii)      බෙදා හැරීම් කලාප I, බෙදා හැරීම් කලාප II, බෙදා හැරීම් කලාප III සහ බෙදා හැරීම් කලාප IV වේ.

(ආ)         (i)      2012 වර්ෂය තුළ ඉහත එක් එක් කලාපය මගින් විදුලි ඒකකයක් බෙදා හැරීම සඳහා දැරූ වියදම පහතින් දක්වා ඇත.

අනු අංක

බෙදා හැරීම් කලාපය

විදුලි ඒකකයක් 

(1 kWh)  බෙදා හැරීම සඳහා දරන ලද

වියදම (රු.)

1

බෙදා හැරීම් කලාප I

2.55

2

බෙදා හැරීම් කලාප II

2.95

3

බෙදා හැරීම් කලාප III

3.24

4

බෙදා හැරීම් කලාප IV

3.69

              (ii)      2012 වර්ෂය තුළ ඉහත එක් එක් කලාපය මගින් විදුලි ඒකකයක් බෙදා හැරීම සඳහා දැරූ වියදම ඉහත එක් එක් කලාපය අනුව වෙනස් වී ඇත. ඒ සඳහා ප්‍රධාන වශයෙන් එක් එක් කලාප‍යට අදාළ විදුලි පාරිභෝගික සංඛ්‍යාව, විවිධ වර්ගයේ විදුලි පාරිභෝගිකයින්, විදුලි පාරිභෝගික ඝනත්වය, නඩත්තු කළ යුතු මධ්‍යම වෝල්ටීයතා සහ අඩු සැර වෝල්ටීයතා විදුලි මාර්ග ප්‍රමාණය සහ නඩත්තු කළ යුතු තරාපැවි සංඛ්‍යාව යනාදී සාධක බලපානු ඇත.

(ඇ) අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2015-02-18

විසින් පිළිතුරු දෙන ලදී

ගරු පාලිත රන්ගේ බණ්ඩාර මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks