පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
5022/’14
ගරු අජිත් මාන්නප්පෙරුම මහතා,— මහාමාර්ග, උසස් අධ්‍යාපන හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ගම්පහ, මිරිස්වත්ත සිට වතුරුගම දක්වා මාර්ගය පුළුල් කිරීමේ ව්‍යාපෘතිය සඳහා වැය වන සම්පූර්ණ මුදල කොපමණද;
(ii) එම ව්‍යාපෘතිය සඳහා සැකසූ ඇස්තමේන්තුවෙහි පිටපතක් සභාගත කරන්නේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) ඉහත මාර්ගය පුළුල් කිරීමේ කොන්ත්‍රාත්තුව ලබා ගත් ආයතනයේ නම කවරේද;
(ii) එම ආයතනය තෝරා ගැනීම සඳහා පිළිගත් ටෙන්ඩර් පටිපාටිය අනුගමනය කළේද;
(iii) විධිමත් ටෙන්ඩර් පටිපාටිය අනුගමනය නොකළේ නම්, ඊට හේතු කවරේද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ඇ) (i) ඉහත මාර්ගය පුළුල් කිරීම සඳහා ඉඩම් අත්පත් කර ගත් වර්ෂය කවරේද;
(ii) අත්පත් කර ගනු ලැබූ ඉඩම් සඳහා වන්දි ගෙවා තිබේද;
(iii) එසේ නම්, එම වන්දි ගෙවීම් සිදු කළ වර්ෂය කවරේද;
(iv) මේ වන විට ඉහත පරිදි අත්පත් කරගත් සියලුම ඉඩම් සඳහා වන්දි ගෙවා අවසන් කර තිබේද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2014-09-24
අසන ලද්දේ
ගරු අජිත් මාන්නප්පෙරුම මහතා, පා.ම.
අමාත්‍යාංශය
මහාමාර්ග, උසස් අධ්‍යාපන හා ආයෝජන ප්‍රවර්ධන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) මෙහි සංවර්ධන කටයුතු කොන්ත්‍රාත් දෙකක් යටතේ සිදු කරනු ලබයි.
කි. මී. 0.00 - 5.00 දක්වා කොටස
බෝක්කු පුළුල් කිරීම සහ අලුතින් ඉදි කිරීම සඳහා ඇස්තමේන්තුගත මුදල රුපියල් මිලියන 48.98 (බදු සහිතව)
මේ සඳහා වැය වූ සම්පූර්ණ මුදල රුපියල් මිලියන 37.85 (බදු සහිතව)
මාර්ගය පුළුල් කර ප්‍රතිසංස්කරණය කිරීම සඳහා ඇස්තමේන්තුගත මුදල රුපියල් මිලියන 134.15 (බදු සහිතව)
මේ සඳහා වැය වූ සම්පූර්ණ මුදල රුපියල් මිලියන 132.39 (බදු සහිතව)
කිලෝමීටර් 5.00 - 10.71 දක්වා කොටස
බෝක්කු පුළුල් කර වැඩිදියුණු කිරීම, මාර්ගය පිළිසකර කිරීම සහ පුළුල් කිරීම සඳහා බිම් සකස් කිරීම සඳහා ඇස්තමේන්තුගත මුදල රුපියල් මිලියන 110.15 (බදු සහිතව)
මෙම කොටසේ වැඩ ආරම්භ කර ඇති අතර, දැනට නිම කර ඇති කොටසේ වටිනාකම රුපියල් මිලියන 15.97 (බදු සහිතව)
පූර්ව මිශ්‍රණ යෙදීම සඳහා ටෙන්ඩර් කැඳවා ඇති අතර, එහි ඇස්තමේන්තු වටිනාකම රුපියල් මිලියන 151.00 (බදු සහිතව)
(ii) ඔව්.
(ආ) (i) කිලෝමීටර් 0.00 - 5.00 දක්වා කොටස
බෝක්කු පුළුල් කිරීම හා ඉදිකිරීම - ෆිනිටි ලංකා සමාගම (Finite Lanka)
මාර්ගය පුළුල් කර ප්‍රතිසංස්කරණය කිරීම - ස්ටාර් කන්ස්ට්‍රක්ෂන් ආයතනය (Star Construction)
කිලෝමීටර් 5.00 - 10.71 දක්වා කොටස
බෝක්කු පුළුල් කර වැඩිදියුණු කිරීම, මාර්ගය පිළිසකර කිරීම සහ පුළුල් කිරීම සඳහා බිම් සකස් කිරීම සිදු කරනු ලබනුයේ මාර්ග සංවර්ධන අධිකාරියේ සෘජු කම්කරු ශ්‍රමය යටතේය.
මෙම කොටසේ පූර්ව මිශ්‍රණ යෙදීම සඳහා ටෙන්ඩර් කැඳවා ඇති අතර, මෙතෙක් ටෙන්ඩර් ප්‍රදානය කිරීමක් කර නැත.
(ii) ඔව්.
(iii) අදාළ නොවේ.
(ඇ) (i) එක් එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා 38 "අ" අතුරු විධානය යටතේ ඉඩම් රජයට අත්කරගෙන ඇත.
|
ප්‍රා.ලේ. කොට්ඨාසය |
38 “අ” අතුරු විධානය පළ කරන ලද ගැසට් අංකය |
දිනය |
|
ගම්පහ |
1660/42 |
2010.07.01 |
|
මහර |
1625/12 |
2009.10.08 |
|
මහර |
1658/34 |
2010.06.17 |
|
දොම්පේ |
1659/11 |
2010.06.22 |
(ii) වන්දි ගෙවීමේ කටයුතු සිදු කරමින් පවතී.
(iii) 2013 වර්ෂයේ සිට වන්දි ගෙවමින් පවතී.
(iv) නැත.
ඉඩම් අත්කර ගැනීමේ පනත ප්‍රකාරව මූලික කටයුතු සිදු කර, වන්දි ගෙවීම සඳහා ප්‍රතිපාදන ඉල්ලා ඇති ගම්පහ සහ මහර ප්‍රාදේශීය ලේකම්වරුන් විසින් එම කොට්ඨාසවලට අයත් ඉඩම් කැබලි සඳහා බොහෝදුරට වන්දි ගෙවා අවසන් කර ඇත.
දොම්පේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ඉඩම් කැබලි සඳහා ප්‍රාදේශීය ලේකම් විසින් ප්‍රතිපාදන ඉල්ලුම් කරනු ලැබූ විට වන්දි ගෙවීම් සිදු කිරීමට කටයුතු කරනු ලැබේ.
(ඈ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2015-02-18
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ඉරාන් වික්‍රමරත්න මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks