01

සි   |     |  

 Date: 2014-09-24   Answered 

5022/2014: PROJECT TO BROADEN ROAD FROM GAMPAHA, MIRISWATTE TO WATHURUGAMA : DETAILS

5022/'14

 

Hon Ajith Mannapperuma,— To ask the Minister of Highways, Higher Education and Investment Promotion,—

(a) Will he inform this House—

(i) of the total amount of money spent on the project to broaden the road from Gampaha, Miriswatte to Wathurugama; and

(ii) whether a copy of the estimate which was prepared for the aforesaid project will be tabled?

(b) Will he state—

(i) the name of the institution by which the contract to broaden the aforesaid road was undertaken;

(ii) whether the accepted tender procedure was followed for the selection of that institution; and

(iii) the reasons led, if the formal tender procedure was not followed?

(c) Will he also inform this House—

(i) of the year in which the lands were taken over for the purpose of broadening the aforesaid road;

(ii) whether compensation has been paid for the lands that were taken over;

(iii) if so, of the year in which the compensation was paid; and

(iv) whether compensation has been paid for all the lands that were taken over as mentioned above?

(d) If not, why?

Asked Date

2014-09-24

Asked by

Hon. Ajith Mannapperuma, M.P.

Ministry

Highways, Higher Education and Investment Promotion

Legislature

Seventh Parliament of the D.S.R. of Sri Lanka

Session

First Session

Question History

Answer

(අ)          (i)      මෙහි සංවර්ධන කටයුතු කොන්ත්‍රාත් දෙකක් යටතේ සිදු කරනු ලබයි.

                         කි. මී. 0.00 - 5.00 දක්වා කොටස

                         බෝක්කු පුළුල් කිරීම සහ අලුතින් ඉදි කිරීම සඳහා ඇස්තමේන්තුගත මුදල රුපියල් මිලියන 48.98 (බදු සහිතව)

                         මේ සඳහා වැය වූ සම්පූර්ණ මුදල රුපියල් මිලියන 37.85 (බදු සහිතව)

                         මාර්ගය පුළුල් කර ප්‍රතිසංස්කරණය කිරීම සඳහා ඇස්තමේන්තුගත මුදල රුපියල් මිලියන 134.15 (බදු සහිතව)

මේ සඳහා වැය වූ සම්පූර්ණ මුදල රුපියල් මිලියන 132.39 (බදු සහිතව)

කිලෝමීටර් 5.00 - 10.71 දක්වා කොටස

බෝක්කු පුළුල් කර වැඩිදියුණු කිරීම, මාර්ගය පිළිසකර කිරීම සහ පුළුල් කිරීම සඳහා බිම් සකස් කිරීම සඳහා ඇස්තමේන්තුගත මුදල රුපියල් මිලියන 110.15 (බදු සහිතව)

මෙම කොටසේ වැඩ ආරම්භ කර ඇති අතර, දැනට නිම කර ඇති කොටසේ වටිනාකම රුපියල් මිලියන 15.97 (බදු සහිතව)

පූර්ව මිශ්‍රණ යෙදීම සඳහා ටෙන්ඩර් කැඳවා ඇති අතර, එහි ඇස්තමේන්තු වටිනාකම රුපියල් මිලියන 151.00 (බදු සහිතව)

(ii) ඔව්.

(ආ) (i) කිලෝමීටර් 0.00 - 5.00 දක්වා කොටස

බෝක්කු පුළුල් කිරීම හා ඉදිකිරීම - ෆිනිටි ලංකා සමාගම (Finite Lanka)

මාර්ගය පුළුල් කර ප්‍රතිසංස්කරණය කිරීම - ස්ටාර් කන්ස්ට්‍රක්ෂන් ආයතනය (Star Construction)

කිලෝමීටර් 5.00 - 10.71 දක්වා කොටස

බෝක්කු පුළුල් කර වැඩිදියුණු කිරීම, මාර්ගය පිළිසකර කිරීම සහ පුළුල් කිරීම සඳහා බිම් සකස් කිරීම සිදු කරනු ලබනුයේ මාර්ග සංවර්ධන අධිකාරියේ සෘජු කම්කරු ශ්‍රමය යටතේය.

මෙම කොටසේ පූර්ව මිශ්‍රණ යෙදීම සඳහා ටෙන්ඩර් කැඳවා ඇති අතර, මෙතෙක් ටෙන්ඩර් ප්‍රදානය කිරීමක් කර නැත.

(ii) ඔව්.

(iii) අදාළ නොවේ.

(ඇ) (i) එක් එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා 38 "අ" අතුරු විධානය යටතේ ඉඩම් රජයට අත්කරගෙන ඇත.

ප්‍රා.ලේ. කොට්ඨාසය

38 “අ” අතුරු විධානය පළ කරන ලද ගැසට් අංකය

දිනය

ගම්පහ

1660/42

2010.07.01

මහර

1625/12

2009.10.08

මහර

1658/34

2010.06.17

දොම්පේ

1659/11

2010.06.22

 

(ii) වන්දි ගෙවීමේ කටයුතු සිදු කරමින් පවතී.

(iii) 2013 වර්ෂයේ සිට වන්දි ගෙවමින් පවතී.

(iv) නැත.

ඉඩම් අත්කර ගැනීමේ පනත ප්‍රකාරව මූලික කටයුතු සිදු කර, වන්දි ගෙවීම සඳහා ප්‍රතිපාදන ඉල්ලා ඇති ගම්පහ සහ මහර ප්‍රාදේශීය ලේකම්වරුන් විසින් එම කොට්ඨාසවලට අයත් ඉඩම් කැබලි සඳහා බොහෝදුරට වන්දි ගෙවා අවසන් කර ඇත.

දොම්පේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ඉඩම් කැබලි සඳහා ප්‍රාදේශීය ලේකම් විසින් ප්‍රතිපාදන ඉල්ලුම් කරනු ලැබූ විට වන්දි ගෙවීම් සිදු කිරීමට කටයුතු කරනු ලැබේ.

(ඈ) පැන නොනඟී.

Answered Date

2015-02-18

Answered by

Hon. Eran Wickramaratne, M.P.





Copyright © The Parliament of Sri Lanka.

All Rights Reserved.

Design & Developed by  TekGeeks