01

E   |     |  

 දිනය: 2010-06-30   පිළිතුර ලබා දී ඇත 

0139/2010: Five year programme for fresh water Fisheries and Aquatic Resources

0139/'10

 

ගරු ඩුලිප් විජේසේකර මහතා,— ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)      පස් අවුරුදු මිරිදිය මත්ස්‍ය හා ජල ජීවී නිෂ්පාදන ධාරිතාව ඉහළ නැංවීමේ වැඩසටහන දියත් කිරීම සඳහා තෝරාගනු ලැබූ වැව් හා ජලාශ සංඛ්‍යාව කොපමණද;

            (ii)      එකී ජලාශවලට මුදා හැරීමට නියමිත තෝරාගත් මිරිදිය මත්ස්‍ය විශේෂ කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) මුදා හැරීමට නියමිත මිරිදිය මත්ස්‍යයින් හා ඉස්සන් සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කවරේද;

(ii) එම ජලජ ජීවීන්ගේ වටිනාකම මුදලින් කොපමණද;

(iii) උක්ත ජලජ ජීවීන් මුදාහැරීමෙන් පසු, ඉන් වාර්ෂිකව අපේක්‍ෂිත මිරිදිය මත්ස්‍ය හා ඉස්සන් අස්වැන්න කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2010-06-30

අසන ලද්දේ

ගරු ඩුලිප් විජේසේකර මහතා, පා.ම.

අමාත්‍යාංශය

ධීවර හා ජලජ සම්පත් සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks