04

E   |     |  

 දිනය: 2010-06-30   පිළිතුර ලබා දී ඇත 

0138/2010: " Nagenahira Navodaya" Programme

0138/'10

 

ගරු උදිත් ලොකුබණ්ඩාර මහතා,— ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)      නැගෙනහිර නවෝදය වැඩසටහන ‍යටතේ, තෝරාගත් ජලාශ 24කට  මිරිදිය මත්ස්‍ය පැටවුන් මුදාහල බව එතුමා දන්නෙහිද?

(ආ)        (i)      එසේ මුදා හල මිරිදිය මත්ස්‍ය පැටවුන්ගේ වටිනාකම මුදලින් කොපමණද;

(ii) එකී ජලාශවලට මුදාහල මිරිදිය මත්ස්‍ය විශේෂ කවරේද;

(iii) ඉන් වාර්ෂිකව අපේක්‍ෂිත මිරිදිය මත්ස්‍ය අස්වැන්න කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) උතුරු වසන්තය යටතේ, තෝරාගත් ජලාශ 97කට මිරිදිය මත්ස්‍ය පැටවුන් මුදාහල බව එතුමා දන්නෙහිද?

(ඈ) (i) එසේ මුදා හල මිරිදිය මත්ස්‍ය පැටවුන්ගේ වටිනාකම මුදලින් කොපමණද;

(ii) එකී ජලාශවලට මුදාහල මිරිදිය මත්ස්‍ය විශේෂ කවරේද;

(iii) ඉන් වාර්ෂිකව අපේක්‍ෂිත මිරිදිය මත්ස්‍ය අස්වැන්න කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඉ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2010-06-30

අසන ලද්දේ

ගරු ගරු උදිත් ලොකුබණ්ඩාර මහතා, පා.ම., මහතා, පා.ම.

අමාත්‍යාංශය

ධීවර හා ජලජ සම්පත් සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks