01

E   |     |  

 දිනය: 2015-04-23   පිළිතුර ලබා දී ඇත 

4999/2015: 2014 අය වැය යෝජනා : දිරි දීමනා

4999/’14

 

ගරු බුද්ධික පතිරණ මහතා,— ස්වදේශ කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)          (i)      දිස්ත්‍රික් ලේකම්වරුන්ට සහ ප්‍රාදේශීය ලේකම්වරුන්ට පිළිවෙළින් රු.15,000/=ක් සහ රු.5,000/= ක් ද, දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට අනුබද්ධ සැලසුම් අධ්‍යක්ෂවරුන්ට හා ප්‍රධාන ගණකාධිකාරීවරුන්ට රු. 3,000/=ක් ද වශයෙන් දිරි දීමනා ලබා දෙන බවට වූ 2014 අයවැය යෝජනාව මේ වන විට ඉටු කර තිබේද;

(ii) එසේ නම්, එම දීමනා ලබා දීම ආරම්භ කළ දිනය කවරේද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ආ)      (i) දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට අනුබද්ධ සැලසුම් අධ්‍යක්ෂවරුන්ට හා ප්‍රධාන ගණකාධිකාරීවරුන්ට අඩු වටිනාකමකින් යුතු දිරි දීමනාවක් ගෙවීමට යෝජනා කිරීමට හේතු කවරේද;

(ii) අඩු වටිනාකමකින් යුතු දිරි දීමනාවක් ගෙවීමට තීරණය කිරීම නිසා ඉහත (i) හි සඳහන් නිලධාරීන්ගේ සේවය අවතක්සේරුවීමක් සිදුවී ඇති බව එතුමා පිළිගන්නේද;

(iii) එසේ නම්, ඔවුන්ගේ දිරි දීමනා ඉහළ දැමීමට කටයුතු කරන්නේද;

(iv) එම වැඩි කරනු ලබන ප්‍රමාණය කොපමණද;

(v) එම වැඩි කිරීම සිදු කරනු ලබන දිනය කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?        

(ඇ) නොඑසේ නම්,  ඒ මන්ද?

 

අසන ලද දිනය

2015-04-23

අසන ලද්දේ

ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම.

අමාත්‍යාංශය

ස්වදේශ කටයුතු

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ) (i) නැත. මෙම යෝජනා ක්‍රියාත්මක කිරීම පිළිබඳව ක්‍රියාමාර්ග ගත යුත්තේ මුදල් අමාත්‍යාංශය මඟින්ය.
(ii) අදාළ නොවේ.
(ආ) (i) අදාළ නොවේ.
(ii) අදාළ නොවේ.
(iii) අදාළ නොවේ.
(iv) අදාළ නොවේ.
(v) අදාළ නොවේ.
(ඇ) අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2015-05-21

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ගරු එම්. ජෝශප් මයිකල් පෙරේරා මහතා, පා.ම. , මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks