පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
4994/’14
ගරු බුද්ධික පතිරණ මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) රජයේ පාසලක් වසා දැමීමේ නීත්‍යානුකූල ක්‍රමවේදය කවරේද;
(ii) එම ක්‍රමවේදයට පරිබාහිරව කටයුතු කරන අයෙකුට ලබා දිය හැකි දඬුවම් හෝ එරෙහිව ගත හැකි වෙනත් ක්‍රියාමාර්ග කවරේද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ආ) (i) 2014 ජනවාරි මාසයේ දී දකුණු පළාත් සභාව විසුරුවා හැරීමට පෙර ගාල්ල දිස්ත්‍රික්කයේ, අම්බලන්ගොඩ ධම්මකුසල විද්‍යාලය වසා දැමීමට එවකට සිටි පළාත් අධ්‍යාපන අමාත්‍යවරයා ඇතුළු බලධාරීන් කටයුතු කර ඇති බව දන්නේද;
(ii) එම විදුහල වසා දැමීමට අදාළව බලධාරීන් විසින් ඉදිරිපත් කර තිබූ හේතු කවරේද;
(iii) එම විදුහල වසා දැමීමේ ක්‍රියාවලිය නීත්‍යානුකූලව සිදු වී තිබේද;
(iv) නොඑසේ නම්, අදාළ බලධාරීන්ට විරුද්ධව ගෙන ඇති ක්‍රියාමාර්ග කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) (i) පාසලක් වසා දැමීමට වඩා එය ආරක්ෂා කර ගැනීම වඩාත් වැදගත්වන බැවින් අම්බලන්ගොඩ ධම්මකුසල විද්‍යාලය තවදුරටත් පවත්වාගෙන යෑමට අවශ්‍ය සම්පත් ලබාදීමට කටයුතු නොකළේ මන්ද;
(ii) එම විදුහල නැවත ආරම්භ කිරීමට පියවර ගන්නේද;
යන්නත් එතුමා සඳහන් කරන්නෙහිද?
(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2015-04-09
අසන ලද්දේ
ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම.
අමාත්‍යාංශය
අධ්‍යාපන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
* සභාමේසය මත තබන ලද පිළිතුර:
* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :
* Answer tabled:
(අ) (i) පාසලක ශිෂ්‍ය සංඛ්‍යාව අඩු වීම, වත්මන් තත්ත්වයට පාසල පවත්වා ගැනීම විශාල ජාතික ධනය නාස්තියකට හේතු වීම හා පාසලට ජනතාවගෙන් ඉල්ලුමක් නැති වීම යන කරුණු සැලකිල්ලට ගනිමින් කලාප ව්‍යුහ කමිටුවේ නිර්දේශය මත පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ හරහා එම තීරණය ගෙන පළාත් අධ්‍යාපන ලේකම්ගේ අනුමැතියට යටත්ව එම පාසල වසා දැමීමට තීරණය කළ හැකිය. ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු ඇමුණුම* 01හි දක්වා ඇත.
(ii) පාසල් වසා දැමීමේ තීරණය නීත්‍යනුකූල නොවන්නේ නම්, පළාත් අධ්‍යාපන ලේකම් විසින් එම තීරණය නැවත සංශෝධනය කළ හැකිය.
(ආ) (i) ඔව්.
(ii) වසර 10කට අධික කාලයක සිට මෙම පාසලේ ශිෂ්‍ය සංඛ්‍යාව ක්‍රමයෙන් අඩු වී ගොස් ඇති අතර, වසර දෙකතුනක සිට කිසිදු දරුවකු අයදුම්පත් ඉදිරිපත් කර නැත. එබැවින් පාසලේ ශිෂ්‍ය සංඛ්‍යාව වැඩි වීමට හැකියාවක් නැත. ලේඛනගත සිසුහුද දීර්ඝ කාලයක සිට නොපැමිණෙන අය වෙති. පැමිණීම සතුටුදායක නැත. සාධන මට්ටම ද අසතුටුදායකය. මේ පිළිබඳව අම්බලන්ගොඩ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂගේ වාර්තා ඇමුණම* 02 - පිටු අංක 2, 3, 4හි දැක්වේ.
(iii) ඔව්.
කලාප අධ්‍යාපන ව්‍යුහ කමිටුව ස්ථානීය අධ්‍යයනයකින් පසුව ලබාගත් වාර්තාව මත පාසල වැසීමට තීරණය කරන ලද අතර, (ඇමුණුම 02 - පිටු අංක 1 සහ 2) දකුණු පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ විසින් විදුහල වසා දැමීම අනුමත කර ඇත. ඇමුණුම* 03 බලන්න.
(iv) අදාළ නොවේ.
(ඇ) (i) ඒ වන විට පාසලට අවශ්‍ය සියලු භෞතික හා මූල්‍ය සම්පත් ලබා දී තිබුණි. නමුත් පාසලේ ශිෂ්‍ය සංඛ්‍යාව ක්‍රමයෙන් අඩු වී යෑමෙන් හා වත්මන් තත්ත්වයට භෞතික හා මූල්‍ය පහසුකම් ලබා දීමෙන් පාසල පවත්වා ගැනීම කාර්යක්ෂම නොවන හෙයින් පාසල වසා දැමීමට තීරණය වී ඇත. වසා දමන විට ඇතුළත්ව සිටින ලද ළමුන් වෙනත් පාසල්වලට යොමු කිරීමට ද ගුරුවරුන් පුරප්පාඩු සහිත පාසල්වලට මාරු කිරීමට ද පියවර ගෙන ඇත.
(ii) ගා/ ධම්මකුසල කනිටු විද්‍යාලය පැවැති භූමියේ ප්‍රාථමික ආදර්ශ විද්‍යාලයක් ආරම්භ කිරීමට කටයුතු සිදු වෙමින් පවතී. ඇමුණුම* 04 බලන්න.
(ඈ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2015-04-09
විසින් පිළිතුරු දෙන ලදී
ගරු අකිල විරාජ් කාරියවසම් මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks