01

E   |   සි   |  

 திகதி: 2015-04-09   பதிலளிக்கப்பட்டவைகள் 

4994/2015: அம்பலாங்கொடை தம்மகுசல வித்தியாலயம் : மீள ஆரம்பித்தல்

----

கேட்கப்பட்ட திகதி

2015-04-09

கேட்டவர்

கௌரவ புத்திக பத்திறண, பா.உ.

அமைச்சு

கல்வி

சட்டவாக்கம்

இலங்கை சனநாயக சோசலிசக் குடியரசின் ஏழாவது பாராளுமன்றம்

கூட்டத்தொடர்

1 வது கூட்டத்தொடர்

கேள்வியின் வரலாறு

விடை

* සභාමේසය මත තබන ලද පිළිතුර:

* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :

* Answer tabled:

 

(අ)           (i)      පාසලක ශිෂ්‍ය සංඛ්‍යාව අඩු වීම, වත්මන් තත්ත්වයට පාසල පවත්වා ගැනීම විශාල ජාතික ධනය නාස්තියකට හේතු වීම හා පාසලට ජනතාවගෙන් ඉල්ලුමක් නැති වීම යන කරුණු සැලකිල්ලට ගනිමින් කලාප ව්‍යුහ කමිටුවේ නිර්දේශය මත පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ හරහා එම තීරණය ගෙන පළාත් අධ්‍යාපන ලේකම්ගේ අනුමැතියට යටත්ව එම පාසල වසා දැමීමට තීරණය කළ හැකිය. ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු ඇමුණුම* 01හි දක්වා ඇත.  

(ii) පාසල් වසා දැමීමේ තීරණය නීත්‍යනුකූල නොවන්නේ නම්, පළාත් අධ්‍යාපන ලේකම් විසින් එම තීරණය නැවත සංශෝධනය කළ හැකිය.

(ආ) (i) ඔව්. 

(ii) වසර 10කට අධික කාලයක සිට මෙම පාසලේ ශිෂ්‍ය සංඛ්‍යාව ක්‍රමයෙන් අඩු වී ගොස් ඇති අතර, වසර දෙකතුනක සිට කිසිදු දරුවකු අයදුම්පත් ඉදිරිපත් කර නැත. එබැවින් පාසලේ ශිෂ්‍ය සංඛ්‍යාව වැඩි වීමට හැකියාවක් නැත. ලේඛනගත සිසුහුද දීර්ඝ කාලයක සිට නොපැමිණෙන අය වෙති. පැමිණීම සතුටුදායක නැත. සාධන මට්ටම ද අසතුටුදායකය. මේ පිළිබඳව අම්බලන්ගොඩ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂගේ වාර්තා ඇමුණම* 02 - පිටු අංක 2, 3, 4හි දැක්වේ.

(iii) ඔව්.

කලාප අධ්‍යාපන ව්‍යුහ කමිටුව ස්ථානීය අධ්‍යයනයකින් පසුව ලබාගත් වාර්තාව මත පාසල වැසීමට තීරණය කරන ලද අතර, (ඇමුණුම 02 - පිටු අංක 1 සහ 2) දකුණු පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ විසින් විදුහල වසා දැමීම අනුමත කර ඇත. ඇමුණුම* 03 බලන්න. 

(iv) අදාළ නොවේ.

(ඇ) (i) ඒ වන විට පාසලට අවශ්‍ය සියලු භෞතික හා මූල්‍ය සම්පත් ලබා දී තිබුණි. නමුත් පාසලේ ශිෂ්‍ය සංඛ්‍යාව ක්‍රමයෙන් අඩු වී යෑමෙන් හා වත්මන් තත්ත්වයට භෞතික හා මූල්‍ය පහසුකම් ලබා දීමෙන් පාසල පවත්වා ගැනීම කාර්යක්ෂම නොවන හෙයින් පාසල වසා දැමීමට තීරණය වී ඇත. වසා දමන විට ඇතුළත්ව සිටින ලද ළමුන් වෙනත් පාසල්වලට යොමු කිරීමට ද ගුරුවරුන් පුරප්පාඩු සහිත පාසල්වලට මාරු කිරීමට ද පියවර ගෙන ඇත.  

(ii) ගා/ ධම්මකුසල කනිටු විද්‍යාලය පැවැති භූමියේ ප්‍රාථමික ආදර්ශ විද්‍යාලයක් ආරම්භ කිරීමට කටයුතු සිදු වෙමින් පවතී. ඇමුණුම* 04 බලන්න.

(ඈ) අදාළ නොවේ. 

பதில் தேதி

2015-04-09

பதில் அளித்தார்

கௌரவ அகில விராஜ் காரியவசம், பா.உ.





பதிப்புரிமை © இலங்கை பாராளுமன்றம்.

முழுப்பதிப்புரிமையுடையது.

வடிவமைத்து உருவாக்கியது  TekGeeks