01

E   |     |  

 දිනය: 2014-08-21   පිළිතුර ලබා දී ඇත 

4957/2014: Salterns - Puttalam

4957/’14

 

ගරු නිරෝෂන් පෙරේරා මහතා,— කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)       පුත්තලම ප්‍රදේශයේ දැනට ක්‍රියාත්මක වන ලියාපදිංචි ලුණු ලේවායන් සංඛ්‍යාව කොපමණද;

            (ii)       එම ලුණු ලේවායන් මගින් වාර්ෂිකව නිපදවන ලුණු ප්‍රමාණය මෙට්‍රික් ටොන් කොපමණද;

   (iii)  පුත්තලම ප්‍රදේශයේ නිපදවන ලුණු ප්‍රමාණය, ජාතික ලුණු අවශ්‍යතාවයෙන් කුමන ප්‍රතිශතයක් සම්පූර්ණ කරන්නේද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ආ)  (i)  ලුණු නිෂ්පාදන ආයතන සඳහා රජ‍යේ ඉඩම් කුමන හෝ රාජ්‍ය ප්‍රතිපත්තියක් යටතේ ලබා දී තිබේද;

  (ii)  එසේ නම්, එම ඉඩම් ලබා දී ඇති සමාගම්, එක් එක් සමාගමට ලබා දී ඇති ඉඩම් ප්‍රමාණය සහ එම ඉඩම් සඳහා රජයේ තක්සේරු වටිනාකම් වෙන් වෙන් වශයෙන් කවරේද;

  (iii)  රජයේ ඉඩම් ලුණු නිෂ්පාදනය සඳහා ලබා දීමේදී ඇතැම් සමාගම් සඳහා විශේෂ වරප්‍රසාද ලබා දී තිබේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ)  නොඑසේ නම්,  ඒ මන්ද?

 

අසන ලද දිනය

2014-08-21

අසන ලද්දේ

ගරු නිරෝෂන් පෙරේරා මහතා, පා.ම.

අමාත්‍යාංශය

කර්මාන්ත හා වාණිජ කටයුතූ

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks