01

E   |     |  

 දිනය: 2014-07-25   පිළිතුර ලබා දී ඇත 

4950/2014: Renewing contract with the PV Oil Singapore

4950/’14

 

ගරු සුජීව සේනසිංහ මහතා,— ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

 (අ)        (i)      “පීවී ඔයිල්” නමැති සිංගප්පූරු සමාගම ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථා පාලන අධිකාරිය විසින් 2011.10.07 සහ 2012.01.25 දිනයන්හි අවස්ථා දෙකකදීම අත්සන් කළ දූෂිත ගිවිසුම නැවත අලුත් කිරීමට සූදානම් වන බවත්;

(ii) මාස හයක කාල සීමාවකට පෙට්‍රල් මෙට්‍රික් ටොන් දෙලක්ෂ හතලිස් දාහක් ආනයනය කිරීම සඳහා එම සමාගම සමඟ අත්සන් කළ ගිවිසුමෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට රුපියල් කෝටි 116ක් පාඩුවූ බවත්;

(iii) 2013 වර්ෂයේ දී එම ගිවිසුම නැවත අත්සන් කිරීමට තීරණය කර තිබූ බවට වෘත්තීය සමිති චෝදනා නැගූ බවත්;

එතුමා දන්නෙහිද? 

(ආ) (i) ඉහත සඳහන් දූෂිත ගිවිසුම් හේතුවෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව දිනෙන් දින පාඩු ලබන්නේද;

  (ii) එම පාඩු පියවා ගැනීම සඳහා වරින් වර ඉන්ධන මිල ඉහළ දමන්නේද; 

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්,  ඒ මන්ද?

 

අසන ලද දිනය

2014-07-25

අසන ලද්දේ

ගරු නීතිඥ අර්ජුන සුජීව සේනසිංහ මහතා, පා.ම.

අමාත්‍යාංශය

ඛනිජ තෙල් කර්මාන්ත

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks