පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
4949/’14
ගරු සුජීව සේනසිංහ මහතා,— ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත්, කොලොන්නාව තෙල් නිමාවෙන් (CPSTL) 2/3ක කොටසක් ඉන්දියන් තෙල් සමාගමට ලබාදී තිබේද;
(ii) කොලොන්නාවේ පිහිටි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අවටින් පවරා ගත් අක්කර 80ක ඉඩම ඉන්දියන් තෙල් සමාගමට නොමිලේ ලබාදීමට සාකච්ඡා පවත්වනු ලබන්නේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2014-07-24
අසන ලද්දේ
ගරු නීතිඥ අර්ජුන සුජීව සේනසිංහ මහතා, පා.ම.
අමාත්‍යාංශය
ඛනිජ තෙල් කර්මාන්ත
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) නැත. කොලොන්නාව තෙල් නිමාවෙන් - CPSTL - 2/3ක කොටසක් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සතු වන අතර, 1/3ක කොටසක් ඉන්දියානු තෙල් සමාගමට 2003.01.08වන දින අංක අමප/2/2081/103/085/ඊපීසී/51 අමාත්‍ය මණ්ඩල තීරණය අනුව 2003.12.30වන දින අත්සන් කරන ලද ගිවිසුම් ප්‍රකාරව ඇමෙරිකානු ඩොලර් මිලියන 45කට ලබා දී ඇත. මෙයට අමතරව ඉතාම අනර්ඝත්වයෙන් ලාභදායීව පැවති පිරවුම්හල් 100ක් ඇමෙරිකානු ඩොලර් මිලියන 15කට ඉන්දියානු තෙල් සමාගමට විකුණා ඇත.
තමුන්නාන්සේලාගේ ආණ්ඩු කාලයේ අමාත්‍ය මණ්ඩල තීරණයක් අනුව තමයි ඒ විකිණීම කරලා තිබෙන්නේ. මම කියන්නේ මේ ආයතනය දිගු කාලීනව අලාභ ලබන්න තීන්දුවක් අරගෙන තිබෙන්නේ ඔබතුමන්ලාය කියලායි.
(ii) නැත. සපුගස්කන්ද තෙල් පිරිපහදුව නවීකරණය කිරීමේ ව්‍යාපෘතිය සඳහා ඉඩම් අක්කර 36ක් පවරා ගන්නා ලද අතර එම ඉඩම් හිමියන්ට වන්දි වශයෙන් රුපියල් මිලියන 700කට ආසන්න ප්‍රමාණයක් දැනට ගෙවා ඇති අතර එම පවරා ගැනීමේ කටයුතු සිදු කරමින් පවතිනවා. කුමන අවස්ථාවකදීවත් මෙය බදු දීමට, අන් සතු කිරීමට අපි සූදානමක් නැහැ.
(ආ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2014-07-24
විසින් පිළිතුරු දෙන ලදී
ගරු නීතිඥ අනුර ප්‍රියදර්ශන යාපා මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks