01

E   |     |  

 දිනය: 2010-07-01   පිළිතුර ලබා දී ඇත 

0131/2010: " Api Wawamu - Rata Nagamu" Programme

0131/'10

 

ගරු රොෂාන් රණසිංහ මහතා,— කෘෂිකර්ම අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)       මෙරට මෙතෙක් පුරන්ව තිබූ කුඹුරු ප්‍රමාණයෙන් “අපි වවමු - රට නගමු” වැඩසටහන යටතේ 2008 - 2010 කාලය තුළ දී නැවත වගා කරන ලද කුඹුරු ප්‍රමාණය එක් එක් දිස්ත්‍රික්කයන්හි, වෙන් වෙන් වශයෙන් කොපමණද යන්න එතුමා මෙම සභාවට ඉදිරිපත් කරන්නෙහිද?

(ආ) (i) එසේ වගා කිරීමෙන් 2008 - 2010 කාලය තුළ එක් එක් කන්නයේ දී නිෂ්පාදනය කරන ලද වී ප්‍රමාණය එක් එක් දිස්ත්‍රික්කයන්හි වෙන් වෙන් වශයෙන් කොපමණද;

(ii) එසේ පුරන්ව තිබූ කුඹුරු වගාකිරීමෙන් ලත් අස්වැන්න නිසා ජාතික ආර්ථිකයට ඇති කරන ලද දායකත්වය කවරේද;

          යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2010-07-01

අසන ලද්දේ

ගරු රොෂාන් රණසිංහ මහතා, පා.ම.

අමාත්‍යාංශය

කෘෂිකර්ම

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks