01

E   |     |  

 දිනය: 2014-07-22   පිළිතුර ලබා දී ඇත 

4869/2014: රතුපස්වල හා ඒ අවට ජනතාව: නළ ජලය

4869/’14

 

ගරු අජිත් මාන්නප්පෙරුම මහතා,— ජල සම්පාදන හා ජලාපවහන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—  

(අ)         (i)       භූගත ජලය ආම්ලිකකරණය වීම නිසා තම ජල අවශ්‍යතාවන් සපුරා ගැනීමට නොහැකිව සිටින රතුපස්වල හා ඒ අවට ප්‍රදේශවල ජනතාවට නළ ජලය ලබා දෙන දිනය කවරේද;

  (ii)  ඒ සඳහා ජල පාරිභෝගිකයින්ගෙන් මූලික මුදලක් අය කරනු ලබන්නේද;

  (iii)  එසේ නම්, එම  මුදල කොපමණද;

  (iv)  දැනට ජල නළ එලා ඇති මාර්ගවලට අමතරව අනෙකුත් අතුරු මාර්ගවල පිහිටි නිවෙස් සඳහා ජලය ලබා දීමේදී මූලික ගෙවීමට අමතරව වෙනත් මුදලක් අය කරන්නේද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ආ)  රතුපස්වල හා අවට ප්‍රදේශයේ ජනතාවට නළ ජලය ලබා දීමේ ව්‍යාපෘතිය නිම කරන තෙක් එම ජනතාවට අවශ්‍ය පානීය ජලය අඛණ්ඩව බවුසර මගින් ලබා දීමට කටයුතු කරන්නේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ)  නොඑසේ නම්,  ඒ මන්ද?

 

අසන ලද දිනය

2014-07-22

අසන ලද්දේ

ගරු අජිත් මාන්නප්පෙරුම මහතා, පා.ම.

අමාත්‍යාංශය

ජලසම්පාදන හා ජලාපවාහන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      මෙම ප්‍රදේශයේ ඉල්ලුම ප්‍රකාරව අඛණ්ඩව නළ ජල සම්බන්ධන ලබා දෙන අතර, 2014 ජූලි මස 21වන දින වන විට ජල සම්බන්ධන 2595ක් ලබා දී ඇත.

              (ii)        ඔව්.

             (iii)        ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ පවතින ගෘහස්ථ ජල සම්බන්ධන ගාස්තු                    අනුව, රුපියල් 17520/-ක් සාමාන්‍ය පාරිභෝගිකයෙකුගෙන් හා සමෘද්ධිලාභීන්ගෙන් රුපියල් 5200/-ක් අය කරනු ලබන අතර, ආපදාවට ලක් වූ රතුපස්වල  ප්‍රදේශයට අදාළව විශේෂයක් සේ සලකා,

ගෘහස්ථ පාරිභෝගිකයන් සඳහා - රුපියල් 3000 + වැට්

සමෘද්ධිලාභීන් සඳහා - රුපියල් 2000 + වැට් පමණක් අය කරනු ලැබේ.

(iv) මූලික ගෙවීමට අමතරව වෙනත් මුදලක් අය කරනු නොලැබේ.

(ආ) නළ ජල පහසුකම් සපයා ඇති බැවින් බවුසර් මගින් ජලය සැපයීමේ අවශ්‍යතාවක් පැන නොනඟී.

(ඇ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2014-07-22

විසින් පිළිතුරු දෙන ලදී

ගරු දිනේෂ් ගුණවර්ධන මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks