පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
4841/’14
ගරු අශෝක් අබේසිංහ මහතා,— උසස් අධ්‍යාපන සහ පර්යේෂණ අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ශ්‍රී ලංකාවේ රාජ්‍ය විශ්වවිද්‍යාලයන්හි සේවයේ නියුතු අභ්‍යන්තර කථිකාචාර්යවරුන් සංඛ්‍යාව කොපමණද;
(ii) එම විශ්වවිද්‍යාලයන්හි සේවයේ නියුතු බාහිර කථිකාචාර්යවරුන් සංඛ්‍යාව කොපමණද;
(iii) අභ්‍යන්තර හා බාහිර කථිකාචාර්යවරයෙකු වෙනුවෙන් රජය විසින් මාසිකව වැය කරනු ලබන මුදල් ප්‍රමාණය වෙන් වෙන් වශයෙන් කොපමණද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2015-04-10
අසන ලද්දේ
ගරු අශෝක් අබේසිංහ මහතා, පා.ම.
අමාත්‍යාංශය
මහාමාර්ග, උසස් අධ්‍යාපන හා ආයෝජන ප්‍රවර්ධන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) අභ්‍යන්තර කථිකාචාර්යවරු සංඛ්‍යාව 5,225කි.
(ii) බාහිර කථිකාචාර්යවරු සංඛ්‍යාව 4,135කි.
(iii) අභ්‍යන්තර කථිකාචාර්යවරයෙකු වෙනුවෙන් මාසිකව ගෙවනු ලබන මුදල එක් එක් තනතුරුවලට අදාළව
|
තනතුර |
වැය කරනු ලබන මුදල (රුපියල්) |
|
ජ්‍යෙෂ්ඨ මහාචාර්ය |
222,955 |
|
මහාචාර්ය |
187,815 |
|
සහාය මහාචාර්ය |
165,635 |
|
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ශ්‍රේණිය I |
150,157 |
|
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ශ්‍රේණිය II |
125,126 |
|
කථිකාචාර්ය |
112,091 |
|
ආධුනික කථිකාචාර්ය |
88,015 |
බාහිර කථිකාචාර්යවරයෙකු වෙනුවෙන් මාසිකව ගෙවනු ලබන මුදල
දේශන පැයක් වෙනුවෙන් රුපියල් 1,500/-ක් හා එක් දිනයක් සඳහා රුපියල් 384.00ක උපරිමයකට යටත්ව ගමන් වියදම් ද ප්‍රායෝගික ක්‍රියාකාරකම් වෙනුවෙන් පැයකට රුපියල් 600.00ක් ද ගෙවනු ලැබේ.
(ආ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2015-04-10
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (වෛද්‍ය) සුදර්ශිනී ප්‍රනාන්‍දුපුල්ලේ මහත්මිය, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks