පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
4840/’14
ගරු අශෝක් අබේසිංහ මහතා,— උසස් අධ්‍යාපන සහ පර්යේෂණ අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) 2011 වර්ෂයේ සිට මේ දක්වා බාහිර උපාධි සඳහා ලියාපදිංචි වී ඇති ශිෂ්‍ය සංඛ්‍යාව කොපමණද;
(ii) එක් වර්ෂයක් තුළදී බාහිර උපාධි සඳහා බඳවා ගනු ලබන ශිෂ්‍ය සංඛ්‍යාව කොපමණද;
(iii) මේ වන විට බාහිර උපාධි සඳහා බඳවා ගැනීම නතර කර තිබේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) බාහිර උපාධි සඳහා අය කරනු ලබන ලියාපදිංචි ගාස්තුව කොපමණද;
(ii) එම ගාස්තුව ඉහළ දැමීමට සැලසුම් කර තිබේද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2015-04-10
අසන ලද්දේ
ගරු අශෝක් අබේසිංහ මහතා, පා.ම.
අමාත්‍යාංශය
මහාමාර්ග, උසස් අධ්‍යාපන හා ආයෝජන ප්‍රවර්ධන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) 2011 - 2014 දක්වා 98,802කි.
(ii) 2014 වර්ෂයේදී 41,892කි.
(iii) නැත.
(ආ) (i) බාහිර උපාධි සඳහා අය කරනු ලබන ලියා පදිංචි ගාස්තුව:
|
විශ්වවිද්‍යාලය |
පාඨමාලාව |
ගාස්තුව (රු.) |
|
කොළඹ විශ්වවිද්‍යාලය |
සියලුම පාඨමාලා |
4,000 |
|
පේරාදෙනිය විශ්වවිද්‍යාලය |
|
3,000
(*) |
|
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය |
සියලුම පාඨමාලා |
10,000 |
|
කැලණිය විශ්වවිද්‍යාලය |
|
2,000
3,500 |
|
මොරටුව විශ්වවිද්‍යාලය |
සියලුම පාඨමාලා |
600(**) |
|
යාපනය විශ්වවිද්‍යාලය |
සියලුම පාඨමාලා |
5,000 |
|
රුහුණ විශ්වවිද්‍යාලය |
සියලුම පාඨමාලා |
4,500 |
|
ශ්‍රී ලංකා නැඟෙනහිර විශ්වවිද්‍යාලය |
සියලුම පාඨමාලා |
1,200 |
|
ත්‍රිකුණාමලය මණ්ඩපය |
සියලුම පාඨමාලා |
1,500 |
|
ශ්‍රී ලංකා අග්නිදිග විශ්වවිද්‍යාලය |
සියලුම පාඨමාලා |
3,000 |
|
රජරට විශ්වවිද්‍යාලය |
|
1,000
1,500 |
|
සබරගමුව විශ්වවිද්‍යාලය |
|
2,600
5,000 |
|
වයඹ විශ්වවිද්‍යාලය |
සියලුම පාඨමාලා |
750 |
|
සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය |
සියලුම පාඨමාලා |
3,000 |
|
බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය |
සියලුම පාඨමාලා |
1,000 |
|
ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලය |
ශාස්ත්‍රවේදී (සාමාන්‍ය) උපාධිය |
(***) |
සටහන්: (*) ව්‍යාපාර පරිපාලනවේදී උපාධිය ලියාපදිංචිය සඳහා වෙනම ගාස්තු අය කරන්නේ නැහැ. පාඨමාලා ගාස්තුව තුළ ලියා පදිංචි ගාස්තුව අන්තර්ගත වන අතර එය පහත පරිදි වේ.
සහතික පත්‍ර අදියර - රු. 50,000/-
ඩිප්ලෝමා අදියර - රු. 60,000/-
උපාධි අදියර - රු. 75,000/-
(**) එක් අදියරක් සඳහා ලියා පදිංචි ගාස්තුව රු. 200ක් වන අතර එක් පාඨමාලාවක් අදියර තුනකින් සමන්විතය.
(***) ලියා පදිංචිය සඳහා වෙනම ගාස්තු අය කිරීමක් නොකෙරේ. පාඨමාලා ගාස්තුව තුළ ලියා පදිංචි ගාස්තු අන්තර්ගත වේ.
(ii) පේරාදෙණිය විශ්වවිද්‍යාලය, යාපනය විශ්වවිද්‍යාලය, නැඟෙනහිර විශ්වවිද්‍යාලය, අග්නිදිග විශ්වවිද්‍යාලය, සබරගමුව විශ්වවිද්‍යාලය, සෞන්දර්ය හා කලා විශ්වවිද්‍යාලය සහ ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලය හැර අනෙකුත් විශ්වවිද්‍යාලවල ගාස්තු ඉහළ දැමීමට සැලසුම් කර නොමැත.
(ඇ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2015-04-10
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (වෛද්‍ය) සුදර්ශිනී ප්‍රනාන්‍දුපුල්ලේ මහත්මිය, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks