logo

03

E   |     |  

 දිනය: 2015-04-09   පිළිතුර ලබා දී ඇත 

4838/2015: වයඹ පළාත් සභාවට අයත් පාසල් : සෞන්දර්ය ගුරුවරු

4838/’14

 

ගරු අශෝක් අබේසිංහ මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)          (i)       වර්ෂ 2010 සිට 2013  දක්වා කාලය තුළදී වයඹ පළාත් සභාව යටතේ පාලනය වූ පාසල්වල සේවය කර විශ්‍රාම ලැබූ සෞන්දර්ය ගුරුවරු සංඛ්‍යාව සංගීතය, නැටුම්, චිත්‍ර සහ නාට්‍ය හා රංග කලාව යන විෂයයන් අනුව, වෙන් වෙන් වශයෙන් කොපමණද;

  (ii)  එම කාල සීමාව තුළදී  උක්ත විෂයයන් සඳහා අලුතින් බඳවා ගත් සෞන්දර්ය ගුරුවරු සංඛ්‍යාව ‍කොපමණද;

  (iii)  2014 වර්ෂය තුළදී  විශ්‍රාම යෑමට නියමිතව සිටි වයඹ පළාත් සභා පාසල්වල සේවය කළ ගුරුවරු සංඛ්‍යාව කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ)  නොඑසේ නම්,  ඒ මන්ද?

 

අසන ලද දිනය

2015-04-09

අසන ලද්දේ

ගරු අශෝක් අබේසිංහ මහතා, පා.ම.

අමාත්‍යාංශය

අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)     

 

 

අනු අංකය

විෂයය

විශ්‍රාම ගිය ගුරුවරු සංඛ්‍යාව

01

චිත්‍ර

31

02

නැටුම්

20

03

සංගීතය

36

04

නාට්‍ය හා රංග කලාව

0

              (ii)      2010 සිට 2013 වර්ෂය දක්වා බඳවා ගත් සෞන්දර්ය ගුරුවරුන් සංඛ්‍යාව - 241යි.

            (iii)      2014 වර්ෂය තුළ දී විශ්‍රාම යාමට නියමිතව සිටි වයඹ පළාත් සභා පාසල්වල සේවය කළ ගුරුවරු සංඛ්‍යාව - 643යි.

(ආ) අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2015-04-09

විසින් පිළිතුරු දෙන ලදී

ගරු අකිල විරාජ් කාරියවසම් මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks