පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
4821/’14
ගරු බුද්ධික පතිරණ මහතා,— සංචාරක හා ක්‍රීඩා අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) 2017 වර්ෂයේ දී හම්බන්තොට දී පැවැත්වීමට යෝජිත කණිෂ්ඨ ආසියානු ක්‍රීඩා උළෙල (Junior Asian Games) වෙනුවෙන් සිදුකරන නව ඉදිකිරීම් හා ප්‍රතිසංස්කරණ වෙන් වෙන් වශයෙන් කවරේද;
(ii) එම ඉදිකිරීම් හා ප්‍රතිසංස්කරණ සඳහා ඇස්තමේන්තුගත සමස්ත වියදම කොපමණද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) ඉහත (අ) (i) හි සඳහන් ඉදිකිරීම් කොන්ත්‍රාත්තුව සඳහා අයදුම් කළ ආයතනයන්හි නම්, ලිපිනයන් හා දුරකතන අංක වෙන් වෙන් වශයෙන් එතුමා සභාගත කරන්නෙහිද?
(ඇ) (i) ඉහත (ආ)හි සඳහන් ආයතන අතරින් ඉදිකිරීම් කටයුතු සඳහා තෝරා ගත් ආයතනය කවරේද;
(ii) එම ආයතනය තෝරා ගැනීමට හේතු කවරේද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2015-03-19
අසන ලද්දේ
ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම.
අමාත්‍යාංශය
සංචාරක හා ක්‍රීඩා
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) ඔව්.
(i) සහ (ii) - 2017 වර්ෂයේදී හම්බන්තොටදී පැවැත්වීමට යෝජිත කණිෂ්ඨ ආසියානු ක්‍රීඩා උළෙල වෙනුවෙන් සිදු කෙරෙන නව ඉදිකිරීම් හා ප්‍රතිසංස්කරණ හා එම එක් එක් ව්‍යාපෘති සඳහා මුළු ඇස්තමේන්තුගත පිරිවැය ඇමුණුම අංක 01හි දක්වා ඇත.
(ආ) ඔව්.
උක්ත ව්‍යාපෘති ඉදිකිරීම් කටයුතු සඳහා කොන්ත්‍රාත් පිරි නැමීමේදී ආකාර 3කට සිදු කරන ලදි.
මම ඇමුණුම 01 සභාගත* කරනවා.
(1) අමාත්‍යාංශය විසින් අනුමත කරන ලද ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන අදාළ දිස්ත්‍රික් ලේකම් වෙත නිදහස් කිරීම.
(2) 2010 ජූලි මස 09 වන දින අමාත්‍ය මණ්ඩල තීරණය මත පදනම්ව පහත සඳහන් ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ඉඩම් ගොඩ කිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව - REDECO - වෙත නිදහස් කිරීම.
* මහනුවර කිංස්වුඩ් මහා විද්‍යාලයීය ක්‍රීඩාගාරය සංවර්ධනය කිරීම.
* දියවන්නා ඔය රුවල් ඔරු පැදීමේ පථය සංවර්ධනය කිරීම.
iii. කාත්තන්කුඩි හිස්බුල්ලා ක්‍රීඩාංගණය අදියර I,II හා III සංවර්ධනය කිරීම.
iv. ගලේවෙල ක්‍රීඩාංගණය මීටර් 200 ධාවන පථය හා ක්‍රීඩාගාරය සංවර්ධනය කිරීම.
(3) පහත සඳහන් ව්‍යාපෘති සඳහා විවෘත ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය කරන ලදී.
i. වෙන්නප්පුව ඇල්ප්‍රඩ් එෆ් ක්‍රීඩාංගණයේ පිහිනුම් තටාකය ඉදිකිරීම.
ii. කිරිල්ලවල මධ්‍ය මහා විද්‍යාලයේ පිහිනුම් තටාකය ඉදිකිරීම.
|
ව්‍යාපෘතිය |
ලංසුකරුගේ නම |
ලිපිනය |
දුරකථන අංකය |
|
පිහිනුම් තටාකය ඉදි කිරීම |
|||
|
i) වෙන්නප්පුව ඇල්ප්‍රඩ් එෆ් ක්‍රීඩාංගනය |
|
දියකලමුල්ල, කුලියාපිටිය. |
037 2281108 |
|
|
|
115, සර් ජේම්ස් පීරිස් මාවත, කොළඹ 02 |
011 5551111 |
|
|
|
නො.264/2, කොස්වත්ත, බත්තරමුල්ල |
011 2790033 |
|
|
|
නො.115, නව පාර්ලිමේන්තු පාර, බත්තරමුල්ල |
011 4305650 |
|
ii) මහර, කිරිල්ලවල මධ්‍ය මහා විද්‍යාලය |
|
නො.17/2, අරන්ගල, නත්තරන්පොත, මහනුවර |
071 8682700 |
|
|
|
115, සර් ජේම්ස් පීරිස් මාවත, කොළඹ 02 |
0115551111 |
|
|
|
130, ඩබ්.ඒ. රණසිංහ මාවත, තැ.පෙ.197, කොළඹ 02 |
011 2345327 |
|
|
|
නො 264/2, කොස්වත්ත, බත්තරමුල්ල |
011 2790033 |
|
|
|
115, සර් ජේම්ස් පීරිස් මාවත, කොළඹ 02 |
011 4305650 |
|
|
|
නො. 31/4ඩී, සුලෙයිමන් ටෙරස්, කොළඹ 05 |
|
(ඇ) (i) ඔව්.
|
ඉදි කිරීම් ව්‍යාපෘතිය |
තෝරාගත් කොන්ත්‍රාත්කරු |
|
වෙන්නප්පුව ඇල්ප්‍රඩ් එෆ් ක්‍රීඩාංගණයේ පිහිනුම් තටාකය ඉදිකිරීම |
ඇන්තනි බිල්ඩර්ස් |
|
මහර, කිරිල්ලවල මධ්‍ය මහා විද්‍යාලයේ පිහිනුම් තටාකය ඉදිකිරීම |
කවිඳු බිල්ඩර්ස් |
(ii) ඇගයීම් කර සෑහීමකට පත්විය හැකි ප්‍රතිචාර දක්වන ලද අවම මිල ගණන් ඉදිරිපත් කර ඇති ලංසුකරු.
(ඈ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2015-03-19
විසින් පිළිතුරු දෙන ලදී
ගරු නවීන් දිසානායක මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks