පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
4804/’14
ගරු අබ්දුල් හලීම් මහතා,— රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) මහනුවර දිස්ත්‍රික්කයේ, අකුරණ ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශය තුළ ජීවත්වන ජනතාවගෙන් 70%ක් දෙමළ භාෂාව කතා කරන පිරිසක් බවත්;
(ii) අකුරණ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවය කරනු ලබන ප්‍රාදේශීය ලේකම්, සහකාර ප්‍රාදේශීය ලේකම් හා අනෙකුත් විධායක නිලධාරීන්ගෙන් බහුතරයක් දෙමළ භාෂාවෙන් රාජකාරි කළ නොහැකි පිරිසක් බවත්;
එතුමා දන්නෙහිද?
(ආ) (i) මේ වන විට අකුරණ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවය කරනු ලබන දෙමළ භාෂාවෙන් රාජකාරි ඉටු කිරීමට හැකි නිලධාරීන් සංඛ්‍යාව කොපමණද;
(ii) එම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට දෙමළ භාෂාවෙන් රාජකාරි කළ හැකි ප්‍රාදේශීය ලේකම්වරයෙක් පත් කිරීමට කටයුතු කරන්නේද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2014-07-08
අසන ලද්දේ
ගරු අබ්දුල් හලීම් මහතා, පා.ම.
අමාත්‍යාංශය
රාජ්‍ය පරිපාලන සහ ස්වදේශ කටයුතු
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) ඔව්.
(ii) එකඟ විය නොහැක.
(ආ) (i) 42.
(ii) අවශ්‍ය නොවේ.
(ඇ) මෙතෙක් අකුරණ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දෛනික රාජකාරි කටයුතුවලදී භාෂාමය වශයෙන් පරිපාලනමය ගැටලු පැන නැඟී නැත.
පිළිතුරු දුන් දිනය
2016-07-08
විසින් පිළිතුරු දෙන ලදී
ගරු දිනේෂ් ගුණවර්ධන මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks