පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
4792/’14
ගරු අශෝක් අබේසිංහ මහතා,— මහාමාර්ග, උසස් අධ්‍යාපන හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) වර්ෂ 1994, 2005 සහ 2013 වන විට මෙරට තිබූ ඇඟලුම් කර්මාන්තශාලා සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(ii) වර්ෂ 2005 සිට 2013 දක්වා කාල සීමාව තුළ දී කුරුණෑගල දිස්ත්‍රික්කය තුළ පිහිටුවා තිබූ ඇඟලුම් කර්මාන්තශාලා සංඛ්‍යාව කොපමණද;
(iii) ආයෝජන ප්‍රවර්ධන කලාපවල පිහිටා තිබෙන ඇඟලුම් කර්මාන්තශාලාවල සේවකයන්ගේ සුබසාධනය සඳහා රජය විසින් යම් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්නේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2015-03-20
අසන ලද්දේ
ගරු අශෝක් අබේසිංහ මහතා, පා.ම.
අමාත්‍යාංශය
මහාමාර්ග, උසස් අධ්‍යාපන හා ආයෝජන ප්‍රවර්ධන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
* සභාමේසය මත තබන ලද පිළිතුර:
* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :
* Answer tabled:
(අ) (i)
|
වර්ෂය |
ඇඟලුම් කර්මාන්තශාලා සංඛ්‍යාව (ආයෝජන මණ්ඩලය යටතේ වාණිජ මෙහෙයුමෙහි පැවැති) |
|
1994 |
237 |
|
2005 |
509 |
|
2013 |
358 |
(ii) කුරුණෑගල දිස්ත්‍රික්කයේ වර්ෂ 2005 සිට 2013 දක්වා කාල සීමාව තුළ එක් එක් වර්ෂය අවසාන වන විට ආයෝජන මණ්ඩලය යටතේ වාණිජ මෙහෙයුමෙහි පැවැති ඇඟලුම් කර්මාන්තශාලා සංඛ්‍යාව පහත පරිදිය.
|
වර්ෂය |
සංඛ්‍යාව |
|
2005 |
45 |
|
2006 |
45 |
|
2007 |
48 |
|
2008 |
50 |
|
2009 |
45 |
|
2010 |
36 |
|
2011 |
38 |
|
2012 |
36 |
|
2013 |
33 |
(iii) ආයෝජන ප්‍රවර්ධන කලාපවල පිහිටුවා ඇති කර්මාන්තශාලාවල ඇඟලුම් සේවක සේවිකාවන් ඇතුළුව පොදුවේ සියලුම සේවක සේවිකාවන්ගේ සුබසාධනය සඳහා පහත සඳහන් ආකාරයට රජය මඟින් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය හරහා විවිධ ක්‍රියා මාර්ග ගෙන ඇත.
ඒ මඟින් සේඛ්‍ය සේවක සේවිකාවන්ගේ සෞඛ්‍ය සුරක්ෂිතභාවය සඳහා විවිධ දැනුවත් කිරීමේ වැඩසටහන්, සෞඛ්‍ය සායන, විශේෂයෙන් ගර්භනී මාතාවන් සඳහා සායන, දන්ත සායන පවත්වා ගෙන යනු ලැබේ.
ඒ මඟින් සේවක සේවිකාවන්ට තම සේවා ස්ථානය තුළදී ලබා දී ඇති වැසිකිලි / කැසිකිලි, භෝජනාගාර පහසුකම්, විවේකාගාර පහසුකම්, sick room, changing room ආදිය නියමිත ප්‍රමාණයට හා පිරිසිදුව පවත්වා ගෙන යන්නේද යන්න සහ කර්මාන්තශාලාව තුළ සපයා ඇති ආලෝකය හා වාතාශ්‍රය සේවක සේවිකාවන්ගේ ආරක්ෂාව සඳහා යොදා ඇති ක්‍රියාමාර්ග ආදිය පරීක්ෂා කරයි.
මෙහිදී ශ්‍රී ලංකා පොලීසිය, මහජන සෞඛ්‍ය නිලධාරි, කම්කරු දෙපාර්තමේන්තුවේ නිලධාරින් සම්බන්ධ කර ගනී.
කටුනායක, බියගම සහ කොග්ගල අපනයන කලාප තුළ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය මඟින් සපයා ඇති භූමි පරිශ්‍රයක් තුළ කම්කරු දෙපාර්තමේන්තුව හා වනිතා කටයුතු අමාත්‍යාංශය මඟින් පවත්වා ගෙන යනු ලබන ආදර්ශ කාන්තා නේවාසිකාගාරය සේවිකාවන්ගේ ප්‍රයෝජනය සඳහා ලබා දී ඇත.
කටුනායක කලාපය තුළ අංග සම්පූර්ණ ක්‍රීඩා පිට්ටනියක්ද, බියගම සහ වතුපිටිවල කලාපවල සාමාන්‍ය තත්ත්වයේ ක්‍රීඩා පිට්ටනි පිහිටුවීම තුළින් ක්‍රීඩා පහසුකම් ලබා දී තිබෙනවා. අනෙකුත් කලාපවල ද අවශ්‍යතාව අනුව ඉදිරියේදී ක්‍රීඩාගාර පහසුකම් සහ උද්‍යාන පහසුකම් ලබා දීමට කටයුතු කරනු ඇත.
කටුනායක කලාපයේ දිවා සුරැකුම් මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමේ වැඩ පිළිවෙළක් දැනට ආරම්භ කර ඇත. එම ව්‍යාපෘතියේ සාර්ථකත්වය මත අනෙකුත් කලාපවලට ද ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වේ.
උදා : බෝ වන හා බෝ නොවන රෝග, සමාජ රෝග, රැකියාවේ ආරක්ෂාව, ඵලදායිතාව වර්ධනය කර ගැනීම, සමාජ කතිකාව හා වැඩපළ සහයෝගය වැඩි වර්ධනය කර ගැනීම.
(ආ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2015-03-20
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ගරු එම්. ජෝශප් මයිකල් පෙරේරා මහතා, පා.ම. , මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks