01

සි   |     |  

 Date: 2015-03-20   Answered 

4792/2015: GARMENT FACTORIES : WELFARE OF EMPLOYEES

4792/'14

 

Hon. Ashok Abeysinghe,— To ask the Minister of Highways, Higher Education and Investment Promotion,—

(a) Will he inform this house—

(i) of the number of garment factories that existed in the country by the years 1994, 2005 and 2013, separately;

(ii) of the number of garment factories that had been set up in Kurunegala District during the period from the year 2005 up to 2013; and

(iii) whether the government implements any programme for the welfare of the employees of the garment factories located in the investment promotion zones?

(b) If not, why?

Asked Date

2015-03-20

Asked by

Hon. Ashok Abeysinghe, M.P.

Ministry

Highways, Higher Education and Investment Promotion

Legislature

Seventh Parliament of the D.S.R. of Sri Lanka

Session

First Session

Question History

Answer

* සභාමේසය මත තබන ලද පිළිතුර:

* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :

* Answer tabled:

 

(අ)           (i)     

 

වර්ෂය

ඇඟලුම් කර්මාන්තශාලා සංඛ්‍යාව (ආයෝජන මණ්ඩලය යටතේ වාණිජ මෙහෙයුමෙහි පැවැති)

1994

237

2005

509

2013

358

              (ii)      කුරුණෑගල දිස්ත්‍රික්කයේ වර්ෂ 2005 සිට 2013 දක්වා කාල සීමාව තුළ එක් එක් වර්ෂය අවසාන වන විට ආයෝජන මණ්ඩලය යටතේ වාණිජ මෙහෙයුමෙහි පැවැති ඇඟලුම් කර්මාන්තශාලා සංඛ්‍යාව පහත පරිදිය.

 

 

වර්ෂය

සංඛ්‍යාව

2005

45

2006

45

2007

48

2008

50

2009

45

2010

36

2011

38

2012

36

2013

33

(iii) ආ‍යෝජන ප්‍රවර්ධන කලාපවල පිහිටුවා ඇති කර්මාන්තශාලාවල ඇඟලුම් සේවක සේවිකාවන් ඇතුළුව පොදුවේ සියලුම සේවක සේවිකාවන්ගේ සුබසාධනය සඳහා පහත සඳහන් ආකාරයට රජය මඟින් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය හරහා විවිධ ක්‍රියා මාර්ග ගෙන ඇත.

  • කටුනායක සහ බියගම කලාප තුළ මහජන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල ස්ථාපිත කර ඇති අතර, අනෙකුත් කලාපවලද අවශ්‍යතාව මත කටයුතු කරනු ලබනවා.

 

ඒ මඟින් සේඛ්‍ය සේවක සේවිකාවන්ගේ සෞඛ්‍ය සුරක්ෂිතභාවය සඳහා විවිධ දැනුවත් කිරීමේ වැඩසටහන්, සෞඛ්‍ය සායන, විශේෂයෙන් ගර්භනී මාතාවන් සඳහා සායන, දන්ත සායන පවත්වා ගෙන යනු ලැබේ.

 

  • ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ කාර්මික සම්බන්ධතා අංශය මඟින් සියලුම කලාපවල සය මසකට වරක් සුබසාධන විමර්ශනයක් සිදු කිරීම.

 

ඒ මඟින් සේවක සේවිකාවන්ට තම සේවා ස්ථානය තුළදී ලබා දී ඇති වැසිකිලි / කැසිකිලි, භෝජනාගාර පහසුකම්, විවේකාගාර පහසුකම්, sick room, changing room ආදිය නියමිත ප්‍රමාණයට හා පිරිසිදුව පවත්වා ගෙන යන්නේද යන්න සහ කර්මාන්තශාලාව තුළ සපයා ඇති ආලෝකය හා වාතාශ්‍රය සේවක සේවිකාවන්ගේ ආරක්ෂාව සඳහා යොදා ඇති ක්‍රියාමාර්ග ආදිය පරීක්ෂා කරයි.

 

  • ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ කාර්මික සම්බන්ධතා අංශය විසින් සෑම මසකම නවක සේවක සේවිකාවන් සඳහා දිශානුයෝජනය (Orientation) වැඩසටහන් සංවිධිනය කිරීම.

 

මෙහිදී ශ්‍රී ලංකා පොලීසිය, මහජන සෞඛ්‍ය නිලධාරි, කම්කරු දෙපාර්තමේන්තුවේ නිලධාරින් සම්බන්ධ කර ගනී.

 

  • ආයෝජන ප්‍රවර්ධන කලාපවල පිහිටුවා ඇති සෑම ආයතනයකම සේවක සේවිකාවන්ට කිරි තේ දෙවරක් සහ උදෑසන හෝ දිවා ආහාරය නොමිලයේ ලබා දීමට ආයෝජන මණ්ඩලය විසින් සියලු කර්මාන්තශාලාවලින් පොදු ඉල්ලීමක් කර ඇති අතර, කර්මාන්තශාලා ඊට අනුකූලතාව දක්වා කටයුතු කරනු ලැබේ.

 

  • නේවාසිකාගාර පහසුකම්.

කටුනායක, බියගම සහ කොග්ගල අපනයන කලාප තුළ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය මඟින් සපයා ඇති භූමි පරිශ්‍රයක් තුළ කම්කරු දෙපාර්තමේන්තුව හා වනිතා කටයුතු අමාත්‍යාංශය මඟින් පවත්වා ගෙන යනු ලබන ආදර්ශ කාන්තා නේවාසිකාගාරය සේවිකාවන්ගේ ප්‍රයෝජනය සඳහා ලබා දී ඇත.

 

  • ක්‍රීඩාගාර පහසුකම්

 

කටුනායක කලාපය තුළ අංග සම්පූර්ණ ක්‍රීඩා පිට්ටනියක්ද, බියගම සහ වතුපිටිවල කලාපවල සාමාන්‍ය තත්ත්වයේ ක්‍රීඩා පිට්ටනි පිහිටුවීම තුළින් ක්‍රීඩා පහසුකම් ලබා දී තිබෙනවා. අනෙකුත් කලාපවල ද අවශ්‍යතාව අනුව ඉදිරියේදී ක්‍රීඩාගාර පහසුකම් සහ උද්‍යාන පහසුකම් ලබා දීමට කටයුතු කරනු ඇත.

කටුනායක කලාපයේ දිවා සුරැකුම් මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමේ වැඩ පිළිවෙළක් දැනට ආරම්භ කර ඇත. එම ව්‍යාපෘතියේ සාර්ථකත්වය මත අනෙකුත් කලාපවලට ද ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වේ.

 

  • උද්‍යාන පහසුකම් (Leisure Park) යෝජිත ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ කාර්මික සම්බන්ධතා අංශය විසින් වරින් වර විවිධ දැනුවත් කිරීමේ වැඩසටහන් සංවිධානය කිරීම.

 

උදා : බෝ වන හා බෝ නොවන රෝග, සමාජ රෝග, රැකියාවේ ආරක්ෂාව, ඵලදායිතාව වර්ධනය කර ගැනීම, සමාජ කතිකාව හා වැඩපළ සහයෝගය වැඩි වර්ධනය කර ගැනීම.

 

  • ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ ආරක්ෂක අංශය මඟින් ක්‍රියාත්මක කරනු ලබන ජංගම රථ සේවාව මඟින් සියලුම කලාපවල සේවක සේවිකාවන්ගේ ආරක්ෂාව තහවුරු කර ඇත.

(ආ) පැන නොනඟී.

Answered Date

2015-03-20

Answered by

Hon. M. JOSEPH MICHAEL PERERA, M.P.,, M.P.





Copyright © The Parliament of Sri Lanka.

All Rights Reserved.

Design & Developed by  TekGeeks