පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
4791/’14
ගරු අශෝක් අබේසිංහ මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ ප්‍රතිපත්ති සම්පාදන, ආර්ථික කටයුතු, ළමා, තරුණ හා සංස්කෘතික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) කුරුණෑගල දිස්ත්‍රික්කය තුළ ලියාපදිංචි වී ඇති පුර්ව ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන සංඛ්‍යාව එක් එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය අනුව, වෙන් වෙන් වශයෙන් කොපමණද යන්න එතුමා සභාගත කරන්නෙහිද?
(ආ) (i) කුරුණෑගල දිස්ත්‍රික්කය තුළ සිටින පූර්ව ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන පාලිකාවන් සංඛ්‍යාව කොපමණද;
(ii) එම පාලිකාවන් සඳහා දීමනා ලබා දීමේ වැඩ පිළිවෙළක් තිබේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2015-03-19
අසන ලද්දේ
ගරු අශෝක් අබේසිංහ මහතා, පා.ම.
අමාත්‍යාංශය
අග්‍රාමාත්‍ය කාර්යාලය
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) කුරුණෑගල දිස්ත්‍රික්කය තුළ ලියා පදිංචි වී ඇති පූර්ව ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන සංඛ්‍යාව එක් එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස අනුව පහත දැක්වේ.
අනු අංකය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය පූර්ව ළමාවිය මධ්‍යස්ථාන සංඛ්‍යාව
01 වීරඹුගෙදර 28
02 නාරම්මල 35
03 පොල්ගහවෙල 53
04 අලව්ව 56
05 කොබෙයිගනේ 39
06 බිංගිරිය 49
07 රස්නායකපුර 30
08 නිකවැරටිය 30
09 කොටවෙහෙර 32
10 කුරුණෑගල 55
11 මාවතගම 39
12 මල්ලවපිටිය 36
13 රිදීගම 93
14 මාස්පොත 22
15 ගිරිබාව 33
16 මහව 65
17 ගල්ගමුව 59
18 අඹන්පොළ 24
19 ඇහැටුවැව 32
20 වාරියපොල 53
21 ගනේවත්ත 48
22 බමුණාකොටුව 31
23 ඉබ්බාගමුව 77
24 පොල්පිතිගම 98
25 උඩුබද්දාව 35
26 පන්නල 116
27 කුලියාපිටිය බටහිර 71
28 කුලියාපිටිය නැඟෙනහිර 54
29 පඬුවස්නුවර නැඟෙනහිර 28
30 පඬුවස්නුවර බටහිර 56
ලියා පදිංචි සංඛ්‍යාව 940
ලියා පදිංචි නොවූ සංඛ්‍යාව 457
මුළු සංඛ්‍යාව 1,397
(ආ) (i) සංඛ්‍යාව 2,380කි. (මූලාශ්‍රය: පෙර පාසැල් පසු විපරම් දත්ත සටහන - 2014) ඇමුණුම සභාගත* කරමි.
(ii) එම දිස්ත්‍රික්කය තුළ පළාත් පාලන ආයතන මඟින් පාලනය වන (නගර සභා සහ ප්‍රාදේශීය සභා) මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානවල පාලිකාවන් සඳහා එම ආයතන මඟින්ම ගෙවීමක් කරනු ලැබේ. ඊට අමතරව බොහෝ මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානවල අධ්‍යාපනය ලබන දරුවන්ගේ දෙමාපියන් විසින් දීමනා ලබා දේ. මීට අමතරව විවිධ රාජ්‍ය නොවන ආයතන මඟින් දීමනා ලබා දෙන මධ්‍යස්ථානද පවතී. ඇතැම් මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන සඳහා පාලිකාවන් ස්වේච්ඡාවෙන් සේවය සපයනු ලැබේ.
(ඇ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2015-03-19
විසින් පිළිතුරු දෙන ලදී
ගරු අශෝක් අබේසිංහ මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks