පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
4790/’14
ගරු අශෝක් අබේසිංහ මහතා,— සමාජ සේවා, සුබසාධන හා පශු සම්පත් සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ග්‍රාමීය වැඩිහිටි කමිටු පිහිටුවීම සඳහා ක්‍රමවේදයක් ක්‍රියාත්මක වේද;
(ii) මේ දක්වා පිහිටුවා ඇති ග්‍රාමීය වැඩිහිටි කමිටු සංඛ්‍යාව කොපමණද;
(iii) කුරුණෑගල දිස්ත්‍රික්කයේ පිහිටුවා ඇති ග්‍රාමීය වැඩිහිටි කමිටු සංඛ්‍යාව කොපමණද;
(iv) එම වැඩිහිටි කමිටු සඳහා රජයෙන් ප්‍රතිපාදන සහ භෞතික සම්පත් ලබා දෙන්නේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2015-03-19
අසන ලද්දේ
ගරු අශෝක් අබේසිංහ මහතා, පා.ම.
අමාත්‍යාංශය
සමාජසේවා, සුබසාධන හා පශු සම්පත් සංවර්ධන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) ඔව්.
එක් ග්‍රාම නිලධාරි වසමක් සඳහා එක් කමිටුවක් පමණක් පිහිටුවීම.
අදාළ වසම තුළ ස්ථිර පදිංචි, අවුරුදු 60 සම්පූර්ණ කරන ලද පුද්ගලයන්ට ග්‍රාමීය වැඩිහිටි කමිටුවල සාමාජිකත්වය ලබා ගත හැක.
(ii) 11,494.
(iii) 1,517.
(iv) සෑම ග්‍රාමීය වැඩිහිටි කමිටුවක් සඳහාම එක් වතාවක් පමණක් ගෙවනු ලබන රුපියල් 5,000.00 ආධාර මුදලක් ලබා දෙනු ලැබේ.
(ආ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2015-03-19
විසින් පිළිතුරු දෙන ලදී
ගරු පී. හැරිසන් මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks