පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
4771/’14
ගරු අශෝක් අබේසිංහ මහතා,— අභ්‍යන්තර ප්‍රවාහන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය යටතේ දැනට ධාවනය වන මුළු බස් රථ සංඛ්‍යාව කොපමණද;
(ii) එහි සේවය කරන අතිරික්ත රියැදුරන් හා කොන්දොස්තරවරුන් සම්බන්ධයෙන් ගන්නා ක්‍රියා මාර්ග කවරේද;
(iii) අතිරික්ත රියැදුරන් හා කොන්දොස්තරවරුන්ගේ සංඛ්‍යාවට සරිලන පරිදි බස් රථ ගෙන්වීමට කටයුතු කරන්නේද;
(iv) අයවැයෙන් ඒ සඳහා මුදල් වෙන් කර තිබේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2015-02-20
අසන ලද්දේ
ගරු අශෝක් අබේසිංහ මහතා, පා.ම.
අමාත්‍යාංශය
අභ්‍යන්තර ප්‍රවාහන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
* සභාමේසය මත තබන ලද පිළිතුර:
* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :
* Answer tabled:
(අ) (i) දිනකට බස් රථ 5,000ක් පමණ ධාවනය වේ.
(ii) රියදුරු හා කොන්දොස්තරවරුන්ගේ අතිරික්තයක් නොමැත. දිනකට ධාවනය කළ යුතු බස් රථ ප්‍රමාණය ධාවනය කරවීම සඳහා රියැදුරන් හා කොන්දොස්තරවරුන් 11,000 බැගින් අවශ්‍ය වන අතර දැනට සේවය කරනුයේ රියැදුරන් 9,393ක් හා කොන්දොස්තරවරුන් 9,927ක් පමණක් වන බැවින් දැනට රියැදුරු හා කොන්දොස්තර හිඟයක් පවතී.
(iii) පැන නොනඟී.
(iv) පැන නොනඟී.
(ආ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2015-02-20
විසින් පිළිතුරු දෙන ලදී
ගරු එම්. එස්. තවුෆික් මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks