පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
4745/’14
ගරු අශෝක් අබේසිංහ මහතා,— ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව යටතේ කෘෂි රසායනික අංශයක් තිබේද;
(ii) එහි නිෂ්පාදනය කරන කෘෂි රසායන ද්‍රව්‍ය බෙදා හැරීමේ ක‍්‍රමවේදය කවරේද;
(iii) එම අංශය සඳහා ගබඩා පහසුකම් තිබේද;
(iv) එම ගබඩාවල කල් ඉකුත් වූ කෘෂි රසායන ද්‍රව්‍ය ගබඩා කර ඇති බව දන්නේද;
(v) එම කල් ඉකුත් වූ කෘෂි රසායන ද්‍රව්‍ය සම්බන්ධයෙන් ගන්නා ක‍්‍රියාමාර්ග කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2014-05-23
අසන ලද්දේ
ගරු අශෝක් අබේසිංහ මහතා, පා.ම.
අමාත්‍යාංශය
ඛනිජ තෙල් කර්මාන්ත
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) ඔව්.
(ii) දිවයින පුරා විසිරී සිටින තොග බෙදුම්කරුවන් මගින් සිල්ලර වෙළෙඳුන් වෙත බෙදා හරිනු ලැබේ. තවද, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සතු කෘෂි රසායන අළෙවි සැල් 6 මගින්ද බෙදා හැරීම් කටයුතු සිදු කරනු ලැබේ.
(iii) ඔව්.
(iv) රජයේ ප්‍රතිපත්ති හා සෞඛ්‍ය හේතූන් මත භාවිතයෙන් ඉවත් වූ ඇතැම් කෘෂි රසායන ද්‍රව්‍ය එම ගබඩාවල තිබේ.
(v) එකී රසායන ද්‍රව්‍ය විද්‍යාත්මක ක්‍රමවේදයකට අනුව විනාශ කිරීමට කටයුතු කරගෙන යනු ලැබේ.
(ආ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2014-05-23
විසින් පිළිතුරු දෙන ලදී
ගරු නීතිඥ අනුර ප්‍රියදර්ශන යාපා මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks