පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
4740/’14
ගරු අශෝක් අබේසිංහ මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) කුරුණෑගල දිස්ත්‍රික්කයේ මේ වන විට වැසී ගොස් ඇති පාසල් සංඛ්‍යාව කොපමණද;
(ii) වැසී ඇති එම පාසල් ගොඩනැගිලිවලින් ප්‍රයෝජනයක් ලබා ගන්නේද;
(iii) නැවත ආරම්භ නොකරන පාසල්වල ගොඩනැගිලි වෘත්තීය පුහුණු වැඩසටහන් ආරම්භ කිරීම සඳහා ලබා දෙන්නේද;
(iv) එසේ නම්, එම දිනය කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2014-07-09
අසන ලද්දේ
ගරු අශෝක් අබේසිංහ මහතා, පා.ම.
අමාත්‍යාංශය
අධ්‍යාපන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) 2005 වර්ෂයේ සිට කුරුණෑගල දිස්ත්‍රික්කයේ පාසල් 57ක් වැහිලා තිබෙනවා. මෙම කාලය තුළ "මහින්ද චින්තන ඉදිරි දැක්ම"ට අනුව 2014 වන විට අලුතින් පාසල් 15ක් විවෘත කරලා තිබෙනවා.
(ii) ප්‍රාදේශීය ලේකම් මඟින් ඉල්ලුම් කරන ගොඩනැඟිලි නිසි ආකාරයෙන් ලබාගෙන අවශ්‍ය කාර්යයන් සඳහා යොදවා ගන්න පුළුවනි.
(iii) ප්‍රාදේශීය ලේකම් මඟින් නිසි පරිදි ඉල්ලා තිබේ නම් ලබා දෙන්න පුළුවනි.
ඒ සඳහා නිසි පරිදි ඉල්ලීම් කර තිබෙනවා නම් ඒක දෙන්නත් පුළුවන්.
(iv) ප්‍රාදේශීය ලේකම් මඟින් ඉල්ලා සිටින දිනයන් අනුව කටයුතු කළ හැක.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2016-07-09
විසින් පිළිතුරු දෙන ලදී
ගරු මොහාන් ලාල් ග්‍රේරු මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks