පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
4739/’14
ගරු අශෝක් අබේසිංහ මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඇති සමස්ත පාසල් සංඛ්‍යාව කොපමණද;
(ii) එම පාසල් අතරින් විදුලිය ලබා දී ඇති පාසල් සංඛ්‍යාව කොපමණද;
(iii) රජය මගින් විදුලි බිල් ගෙවනු ලබන පාසල් සංඛ්‍යාව කොපමණද;
(iv) සියලුම පාසල්වල විදුලි බිල් රජය මගින් ගෙවීමට කටයුතු කරන්නේද;
(v) එසේ නම්, එම දිනය කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2014-05-22
අසන ලද්දේ
ගරු අශෝක් අබේසිංහ මහතා, පා.ම.
අමාත්‍යාංශය
අධ්‍යාපන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) 880කි.
(ii) 796කි.
(iii) 582කි.
රජය මඟින් විදුලි බිල්පත් නොගෙවන පාසල්වල විදුලි බිල්පත් පාසල් සංවර්ධන සමිති මඟින් ගෙවීම් කරනු ලබන අතර, එම පාසල්වල ප්‍රධානීන් විසින් ප්‍රතිපූරණය සඳහා ඉල්ලීම් කළහොත් ගෙවීම් කටයුතු කළ හැකි බව පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ විසින් දන්වා ඇත.
(iv) නැත.
(v) අදාළ නොවේ.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2014-05-22
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (ආචාර්ය) බන්දුල ගුණවර්ධන මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks