01

E   |     |  

 දිනය: 2010-06-08   පිළිතුර ලබා දී ඇත 

0113/2010: Projects for Drinking Water Supply

0113/’10

ගරු ශ්‍රියානි විජේවික්‍රම මහත්මිය,— ජල සම්පාදන හා ජලාපවහන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)       දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ, අම්පාර මැතිවරණ කොට්ඨාසය තුළ ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය මගින් ක්‍රියාත්මක  කර ඇති,

              (i)      ප්‍රධාන පානීය ජල සම්පාදන යෝජනා ක්‍රම කවරේද;

             (ii)      එම එක් එක් ජල යෝජනා ක්‍රමය ආරම්භ කළ දිනයන් කවරේද;

      (iii) ඒවා මඟින් පානීය  ජලය සපයන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කවරේද;

      (iv) එක් එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට ජලය ලබා දී ඇත්තේ කවදා සිටද:‍‍

      (v) එම ජල යෝජනා ක්‍රම මඟින් පානීය ජලය ලබා දී නොමැති ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කවරේද;

      (vi) ඒවාට පානීය ජලය ලබා දීමට කටයුතු කරන්නේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) අම්පාර නගරයට ජලය බෙදා හරින ජල ටැංකියේ  අලුත්වැඩියා කටයුතු නිමවන තෙක් අම්පාර නගරයේ ජල සැපයුම සම්බන්ධයෙන් තාවකාලිකව ගන්නා පියවර  කවරේද යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ඇ)‍   නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2010-06-08

අසන ලද්දේ

ගරු ශ්‍රියානි විජේවික්‍රම මහත්මිය, පා.ම.

අමාත්‍යාංශය

ජලසම්පාදන හා ජලාපවාහන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks