01

E   |     |  

 දිනය: 2014-06-19   පිළිතුර ලබා දී ඇත 

4652/2014: ධාවනයෙන් ඉවත් කරන ලද ලංගම බස් රථ : විස්තර

4652/’13

 

ගරු අජිත් මාන්නප්පෙරුම මහතා,— ප්‍රවාහන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)       මේ වන විට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් ගම්පහ දිස්ත්‍රික්කය හැර අනෙකුත් ප්‍රදේශවල ඇති ඩිපෝ සහ වෙනත් භුමි තුළ ධාවනයේ නොයොදවා ගාල් කර ඇති බස් රථ සංඛ්‍යාව කොපමණද;

  (ii)  එම බස් රථ ධාවනයෙන් ඉවත් කර තැබීමට හේතු කවරේද;

  (iii)  ඉන් කොපමණ ප්‍රමාණයක් නැවත ධාවනයේ යෙදවිය හැකි තත්ත්වයක පවතින්නේද;

  (iv)  එසේ ධාවනය කළ හැකි බස් රථ අලුත්වැඩියා කළ යුතු නම්, ඒ සඳහා වැයවන මුදල කොපමණද; 

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?        

(ආ)  නොඑසේ නම්,  ඒ මන්ද?

 

අසන ලද දිනය

2014-06-19

අසන ලද්දේ

ගරු අජිත් මාන්නප්පෙරුම මහතා, පා.ම.

අමාත්‍යාංශය

ප්‍රවාහන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)       (1) අලුත්වැඩියා කිරීම ඵලදායී නොවන බැවින් අබලි බස් රථ වශයෙන් වෙන්දේසි මඟින් විකිණීමට ගාල් කර ඇති බස් රථ ප්‍රමාණය - 1,385යි.

                         (2) ධාවනයට යොදවා ඇති බස් රථ අතරින් අලුත්වැඩියාව සහ සේවා කටයුතු සඳහා ගාල් කර ඇති බස් රථ ගණන - 669යි.

(ii) (1) අලුත්වැඩියා කිරීම ඵලදායී නොවන ගර්හිත බස් රථ 1,385 කොටස් වශයෙන් වෙන්දේසි කරනු ලබන අතර  මෙම වර්ෂය තුළදී අබලි බස් රථ 935ක් වෙන්දේසියේ විකිණීම දැනටමත් ආරම්භ කර ඇත. 

(2) ධාවනයට යොදවා ඇති බස් රථ අතරින් අලුත්වැඩියාව සහ සේවා කටයුතු සඳහා ගාල් කර ඇති බස් රථ පහත සඳහන් කරුණු නිසා ධාවනයෙන් ඉවත් කර ඇත.

 

 

සේවා කටයුතු සිදු වෙමින් පවතින බස් රථ

-

 71

බොඩි අලුත්වැඩියාවේ පවතින බස් රථ

-

57

එන්ජින්, ගියර් පෙට්ටි ආදි කට්ටල්, උපකට්ටල් අලුත්වැඩියාව සඳහා නතර වී ඇති බස් රථ

-

120

ධාවනය වීමේදී ඇති වන වෙනත් කාර්මික දෝෂ අලුත්වැඩියාවේ පවතින බස් රථ

-

421

              එකතුව

-

669

 

 (iii) 669යි.

(iv) රුපියල් මිලියන 114.31කි.

(ආ) පැන නොනඟී.

 

පිළිතුරු දුන් දිනය

2014-06-19

විසින් පිළිතුරු දෙන ලදී

ගරු කුමාර වෙල්ගම මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks