පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
4582/’13
ගරු අනුර දිසානායක මහතා,— මහජන සාමය, ආපදා කළමනාකරණය හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)
(අ) (i) පානීය ජලය අපවිත්‍ර වීමට එරෙහිව වැලිවේරිය, රතුපස්වල ජනතාව විසින් ගෙන යන ලද උද්ඝෝෂණයට වෙඩි තැබීමක් සිදු වූයේද;
(ii) එසේ නම්, එම වෙඩි තැබීම හේතුවෙන් තුවාල ලැබූවන්ගේ සංඛ්‍යාව කොපමණද;
(iii) තුවාල ලැබූවන්ගේ නම්, ලිපිනයන් සහ මියගිය අයගේ නම් සහ පදිංචිව සිටි ලිපිනයන් කවරේද;
(iv) එම වෙඩි තැබීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වනු ලැබුවේද;
(v) ඒ අනුව වෙඩි තැබීම සඳහා නියෝග ලබා දුන් නිලධාරීන් හා වෙඩි තැබූ පිරිස හඳුනාගෙන තිබේද;
(vi) එසේ නම්, එම පිරිස කවුරුන්ද;
(vii) එම පිරිසට දඬුවම් ලබා දී තිබේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2015-02-05
අසන ලද්දේ
ගරු අනුර දිසානායක මහතා, පා.ම.
අමාත්‍යාංශය
මහජන සාමය, ආපදා කළමනාකරණය හා ක්‍රිස්තියානි ආගමික කටයුතු
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) ඔව්
(ii) පුද්ගලයන් 15දෙනකු
(iii) තුවාල ලැබූවන්ගේ නම්, ලිපිනයන්
|
අනු අංකය |
නම |
ලිපිනය |
|
01 |
බී.එස්. ලක්මාල් |
අංක 290/3, ඇඹරුලුව උතුර, වැලිවේරිය. |
|
02 |
එච්.ජේ. චින්තක පෙරේරා |
අංක 78/04, නැදුන්ගමුව, ගම්පහ. |
|
03 |
ආර්.ඩී.එස්. චන්ද්‍රසේන |
අංක 75/15, ගල්ඔලුව, වැලිවේරිය. |
|
04 |
ටී.පී.එන්.එස්. සේවියර් |
අංක 588/ඒ, නැදුන්ගමුව, ගම්පහ. |
|
05 |
වී.පී.එස්. ප්‍රියශාන් හිමංග |
අංක 22/05, ඌරුවෙල, නැදුන්ගමුව, වැලිවේරිය. |
|
06 |
එම්.කේ. පෙරේරා |
අංක 560/4, නැදුන්ගමුව, ගම්පහ. |
|
07 |
කේ.එස්.පී. චින්තක පෙරේරා |
අංක 416/56, පින්තුවත්ත, වැලිවේරිය. |
|
08 |
ජේ.ඒ.ඩී. සමීර ජයකොඩි |
අංක 173, උඩුපිල, දෙල්ගොඩ. |
|
09 |
වී.පී. සුජිත් විජේසිංහ |
අංක 39/13/1, තෙන්නකෝන්වන්ත, වැලිවේරිය. |
|
10 |
වී.ඒ. කැළුම් ප්‍රියනන්ද |
අංක 39/2, පල්ලියවත්ත, වැලිවේරිය. |
|
11 |
ඩී.ආර්. ප්‍රියන්ත |
පොල්වත්ත පාර, වැලිවේරිය. |
|
12 |
වී.ජී. නිෂාර තිලකරත්න |
අංක 28/1, සියපත්විල, වැලිවේරිය. |
|
13 |
එම්.ඩී. චාමික |
අංක 51 ඒ, වැලිවත්ත, වැලිවේරිය. |
|
14 |
එල්.එස්. කුමාර |
අංක 416/192 ඒ, පින්තුවත්ත, වැලිවේරිය. |
|
15 |
එස්. පෙරේරා |
ජයන්ති මාවත, වැලිවේරිය. |
මිය ගිය අයගේ නම් සහ පදිංචිව සිටි ලිපිනයන්
|
අනු අංකය |
නම |
ලිපිනය |
|
01 |
කේ.ඒ.ඩී. අකිල දිනේෂ් |
අංක 476/15, හෙලන්වත්ත, වැලිවේරිය. |
|
02 |
එච්.එස්.ආර්. පෙරේරා |
අංක 33, නැදුන්ගමුව, වැලිවේරිය. |
|
03 |
පී.ආර්.ජී.එන්. පුෂ්පකුමාර |
උඩහේන්තැන්න, ගම්පහ. |
(iv) වෙඩි තැබීම සඳහා උසස් නිලධාරින් විසින් නියෝග ලබා දී නොමැත. කලහකාරි පිරිස් විසින් යුද හමුදාව වෙතට එල්ල කළ ගල් ප්‍රහාර, පෙට්රල් බෝම්බ ප්‍රහාර සහ වෙඩි තැබීම්වලින් සිය ආත්ම ආරක්ෂාව සලසා ගැනීම සඳහාත් මහජන ජීවිත හා මහජන දේපළ ආරක්ෂා කරගැනීම සඳහාත් යුද හමුදා සෙබළුන් 10දෙනකු විසින් වෙඩි තැබීම සිදු කර ඇත. එම සෙබළුන් හඳුනාගෙන ඇත.
(v) ඔව්.
(vi)
|
අනු අංකය |
නම |
තනතුර |
කඳවුර |
|
01 |
එච්.කේ.ඩී.එස්. සෙනවිරත්න |
ලා/කො 302211 |
06 වන ශ්‍රී ලංකා පාබල හමුදා ට්‍රිපෝලි කඳවුර, මරදාන. |
|
02 |
ටී.ඒ.එස්. පද්මසිරි |
සෙබළ Q 00450 |
26 ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුව, සපුගස්කන්ද. |
|
03 |
කේ.පී.ඒ.අයි. දිසානායක |
සෙබළ 162604 |
යුද හමුදා කඳවුර, වැලිසර. |
|
04 |
ආර්.ඒ. වීරසූරිය |
සෙබළ 402342 |
යුද හමුදා කඳවුර, දෙල්ගොඩ. |
|
05 |
ඩී.යූ.කේ. චන්ද්‍රසේකර |
සෙබළ 319296 |
යුද හමුදා කඳවුර, දෙල්ගොඩ. |
|
06 |
කේ.එච්.ඩී. එරංග |
කෝප්‍රල් එස් 319265 |
යුද හමුදා කඳවුර, අහුගම්මන, දෙල්ගොඩ. |
|
07 |
ලලිත් ග්‍රේ |
කෝප්‍රල් 316586 |
එස්.එල්.එල්.අයි. අහුගම්මන, දෙල්ගොඩ. |
|
08 |
ජේ.එම්. තිලකරත්න |
සෙබළ 456428 |
ඩිමෝ කඳවුර, දෙමටගොඩ. |
|
09 |
ඩිංගිරි සිරිසේන |
සෙබළ 577319 |
ඩිමෝ කඳවුර, දෙමටගොඩ. |
|
10 |
ඩී.එම්.එස්.බී. රත්නායක |
සෙබළ 321086 |
08 වන ශ්‍රී ලංකා පාබල හමුදාව අහුගම්මන, දෙල්ගොඩ. |
(vii) නැත. ගම්පහ මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩු අංක බී 1440/13 යටතේ නඩු පවරා ඇති අතර, ගොනුව නීතිපති උපදෙස් සඳහා යොමු කර ඇත.
(ආ) ඉහත පිළිතුරු සපයා ඇති බැවින් පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2015-02-05
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ජෝන් අමරතුංග මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks