01

E   |     |  

 දිනය: 2014-11-10   පිළිතුර ලබා දී ඇත 

4581/2014: 2011 සහ 2012 වර්ෂවල රාජ්‍ය ආදායම සහ ණය වාරික : විස්තර

4581/’13

 

ගරු අනුර දිසානායක මහතා,— මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       2011 සහ  2012 වර්ෂවල රාජ්‍ය ආදායම වෙන් වෙන් වශයෙන් කොපමණද;

            (ii)       එම වර්ෂ දෙක වෙනුවෙන් රජය ලබා ගෙන තිබෙන ණය සඳහා ගෙවන ලද පොලී ප්‍රමාණය හා ණය වාරිකය වාර්ෂිකව, වෙන් වෙන් වශයෙන් කොපමණද;

  (iii)  එම වර්ෂ වෙනුවෙන් ගෙවන ලද ණය වාරික හා පොලී වාරිකවල එකතුව වාර්ෂික රාජ්‍ය ආදායමේ ප්‍රතිශතයක් ‍වශයෙන් කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ)  නොඑසේ නම්,  ඒ මන්ද?

 

අසන ලද දිනය

2014-11-10

අසන ලද්දේ

ගරු අනුර දිසානායක මහතා, පා.ම.

අමාත්‍යාංශය

මුදල්

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ) (i)

 

 

2011

2012

රාජ්‍ය ආදායම

රුපියල් බිලියන 974

රුපියල් බිලියන 1,094

 

(ii)

 

 

2011

2012

ණය සඳහා ගෙවන ලද පොලී ප්‍රමාණය

රුපියල් බිලියන 353

රුපියල් බිලියන 409

ගෙවන ලද ණය වාරිකය

රුපියල් බිලියන 542

රුපියල් බිලියන 603

ගරු මන්ත්‍රීතුමනි, ඔබතුමාට 2015 වර්ෂයේ අද වන තුරු ණය පොලී සහ වාරික සම්බන්ධයෙන් තිබෙන තත්ත්වය දැනගන්න අවශ්‍ය නම්, ඒ ප්‍රමාණ මෙසේයි. ණය පොලිය රුපියල් බිලියන 688යි. ණය වාරිකය රුපියල් බිලියන 802යි.

 

(iii)

 

 

2011               2012

ගෙවන ලද ණය වාරිකය  හා ගෙවන ලද පොලී ප්‍රමාණවල එකතුව වාර්ෂික රාජ්‍ය ආදායමේ  ප්‍රතිශතයක් ලෙස

91.9%           92.5%

(ආ) පැන නොනඟී.

පිළිතුරු දුන් දිනය

2015-03-03

විසින් පිළිතුරු දෙන ලදී

ගරු රවී කරුණානායක මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks