පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
4567/’13
ගරු දුනේෂ් ගන්කන්ද මහතා,— යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) මහින්ද චින්තන ඉදිරි දැක්මේ සඳහන් කර ඇති ආකාරයට වයස අවුරුදු 18 සිට 22 දක්වා සෑම අයෙකුටම තම අභිමතාර්ථය අනුව අවශ්‍ය තෘතීයික අධ්‍යාපනයක් හෝ පුහුණුවක් ලබා ගැනීම සඳහා රුපියල් ලක්ෂ දෙකක් දක්වා මුදලක් වෙන්කර දීම සඳහා රජය කටයුතු කර තිබේද;
(ii) එසේ නම්, මේ වන විට එම පහසුකම ලබා ගෙන ඇති තරුණ තරුණියන් සංඛ්‍යාව කොපමණද;
(iii) එම මූල්‍ය පහසුකම ලබා ගැනීම සඳහා අනුගමනය කළ යුතු ක්‍රියා පටිපාටිය කවරේද;
(iv) ලබා දෙන එම මුදල නැවත අය කර ගනු ලබන්නේද;
(v) එම මුදල නැවත අය කර ගනු ලබන්නේ නම්, එකී මුදල භාවිතා කරනු ලැබූ අධ්‍යාපනය හෝ පුහුණුව අවසන් කිරීමෙන් කොපමණ කාල සීමාවකට පසුව එය අය කරනු ලබන්නේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) මේ දක්වා එම පහසුකම ලබා දීමට වැඩපිළිවෙළක් සකස් කර නොමැති නම්, මහින්ද චින්තන ඉදිරි දැක්ම මගින් එම තරුණ තරුණියන්ට ලබා දී ඇති එම පොරොන්දුව යථාර්ථයක් බවට පත් කිරීම සඳහා පියවර ගනු ලබන්නේද;
(ii) එසේ නම්, එම දිනය කවරේද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2014-06-05
අසන ලද්දේ
ගරු දුනේෂ් ගන්කන්ද මහතා, පා.ම.
අමාත්‍යාංශය
යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) ඔව්.
මහින්ද චින්තන ඉදිරි දැක්ම අනුව ලෝකයේ දියුණු රටවල්වල තරුණ තරුණියන් වඩාත් ආකර්ෂණය වී ඇති තෘතීයික අධ්‍යාපනය කෙරෙහි ඇති සමාජ පිළිගැනීම අපේ රටේ තරුණයන් තුළ ඉහළ නැංවීමට අවශ්‍ය ආකල්පමය වෙනස ඇති කිරීමට අවශ්‍ය පරිසරය සැකසීමත්, වයස අවුරුදු 18 සිට 22 දක්වා සෑම අයෙකුටම තම අභිමතාර්ථය අනුව තෘතීයික අධ්‍යාපනයක් හෝ පුහුණුවක් ලබා ගැනීම සඳහා රුපියල් ලක්ෂ දෙකක් දක්වා මුදලක් වෙන් කර දීමටත් එකඟ වී ඇත.
ඒ අනුව, යෞවන යෞවනියන්ගේ අපේක්ෂාවන්ට මුල් තැන දෙන සුබවාදී රටක් උදෙසා ගමන් කිරීමේ දී, ශ්‍රී ලංකාවේ සමස්ත ජනගහනයෙන් සියයට 26ක් පමණ වන තරුණ පිරිස රටේ ආර්ථික සංවර්ධනයට සක්‍රීයව දායක කර ගැනීම සඳහා නවීන ලෝකයට ගැලපෙන අන්දමින් ජාත්‍යන්තරව පිළිගත් ජාතික වෘත්තීය සුදුසුකම් රාමුවක් තුළ වෘත්තීමය හා කාර්මික පුහුණුව ලබා දීමට අවශ්‍ය සියලු දායකත්වයන් ලබා දීම මෙම අමාත්‍යාංශයේ ප්‍රමුඛ වගකීම වී ඇත.
ඒ අනුව වයස අවුරුදු 18ත්-22ත් අතර දරුවන්ට අවශ්‍ය තෘතීයික අධ්‍යාපනය හෝ පුහුණුවක් ලබා දීමට රුපියල් ලක්ෂ දෙකක මුදලක් ඒ ඒ තරුණයාට පෞද්ගලිකව වන සේ නොලැබෙන අතර, NVQ 5හා 6 -ජාතික වෘත්තීය සුදුසුකම - සාර්ථකව හදාරනු ලබන ශීෂ්‍යයෙකුට තම විෂය ධාරාවේ උපාධියක් (NVQ 7) දක්වා න්‍යායික හා ප්‍රායෝගික අධ්‍යාපනය ලැබීමට පහසුකම් මෙම අමාත්‍යාංශයෙන් සලසා ඇත. එකී උපාධි සුදුසුකම් ලැබීමට රත්මලාන වෘත්තීය තාක්ෂණ විද්‍යාලය පිහිටුවා ඇති අතර, එම විද්‍යාලයේ අධ්‍යාපනය ලබන දරුවන්ගේ සංඛ්‍යාව වසරින් වසර ඉහළ යාමේ ප්‍රවණතාවක් ඇත.
එය අතිගරු ජනාධිපතිතුමාගේ සංකල්පයක් මත වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයට අනුබද්ධව දිවයින පුරා පිහිටි ස්ථාන 25ක විශ්වවිද්‍යාල විද්‍යායතන - university colleges - පිහිටු වීමට අවශ්‍ය මූලික කටයුතු දැනටමත් ආරම්භ කර ඇත. දැනටමත් තුනක් පිහිටුවා අවසානයි. ඉන් හයක් මේ වසරේ ආරම්භ කිරීමට අවශ්‍ය කටයුතු කරමින් සිටී. එමඟින් කොළඹින් බැහැරව අධ්‍යාපනය හදාරා උපාධියක් ලබා ගැනීමේ හිමිකම් දැයේ දරුවන්‍ට හිමි වේ. තාක්ෂණ උපාධිය හැදෑරීමේදී න්‍යායික අවබෝධය සදහා වැය කරනු ලබන කාලයට වඩා වැඩි කාලයක් ප්‍රායෝගික පුහුණුව සඳහාත්, කර්මාන්තශාලා පුහුණුව - industrial training - හා සේවා ආශ්‍රිත පුහුණුව - on-the-job training - සඳහාත් වෙන් කර ඇති හෙයින් BTech. උපාධිය ලබා ගන්නා දරුවෙකු තාක්ෂණ දැනුමෙන් නිපුණ පුද්ගලයෙකු වනු ඇත.
මෙම අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන වෘත්තීය පුහුණු ආයතනන්හි පුහුණුව ලබන තරුණ තරුණියන් සංඛ්‍යාව 2013 වර්ෂයේදී 129,770 ක් වු අතර, ඔවුන් වෙනුවෙන් වාර්ෂිකව රුපියල් මිලියන 8,848ක් පමණ වැය කර ඇත. ඒ අනුව මෙම අමාත්‍යාංශය යටතේ වෘත්තීය පුහුණුව ලබන සිසුන්,
1. සහතික පත්‍ර පාඨමාලා (NVQ 3-4 මට්ටමේ පාඨමාලා)
II. ඩිප්ලෝමා මට්ටමේ පාඨමාලා (NVQ 5-6 මට්ටමේ පාඨමාලා)
III. උපාධි පාඨමාලා (NVQ 7 මට්ටමේ පාඨමාලා)
වශයෙන් වෘත්තීය පාඨමාලා හදාරනු ලබන අතර, එක් ශිෂ්‍යයකු වෙනුවෙන් වැය කරනු ලබන මුදල දළ වශයෙන් පහත පරිදි වේ.
1. NVQ 3-4 මට්ටමේ පාඨමාලා සදහා
එක් ශිෂ්‍යයකු සදහා රු. 65,000 -70,000 අතර
2. NVQ 5-6 මට්ටමේ පාඨමාලා සඳහා
එක් ශිෂ්‍යයකු සඳහා - රු. 165,000 -180,000 අතර
3. NVQ 7 මට්ටමේ පාඨමාලා සඳහා
එක් ශිෂ්‍යයකු සඳහා රු.200,000 - 219,000 දක්වා වේ.
(ඇමුණුම 01 බලන්න. ඇමුණුම 01 සභාගත* කරමි)
වර්ෂ 2013 දී NVQ 7 මට්ටම සඳහා (උපාධිය සඳහා) එක් ශිෂ්‍යයකු වෙනුවෙන් වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලය - UNIVOTEC - රු. 219,000ක මුදලක් වැය කර ඇත. එය මහින්ද චින්තනයෙන් එක් ශිෂ්‍යයකු වෙනුවෙන් වැය කිරීමට ප්‍රකාශිත මුදලට වඩා වැඩි මුදලකි.
ඒ අනුව එක් ශිෂ්‍යයකු වෙනුවෙන් වැය කරන මුදල ගණනය කිරීමේදී, පංති කාමර පුහුණුව පමණක් නොව ප්‍රායෝගික පුහුණුව, කර්මාන්තශාලා ආශ්‍රිත පුහුණුව මෙන්ම පුහුණු උපකරණ වෙනුවෙන් දැරීමට සිදු වන වියදම, "වෘත්තීය පුහුණු ආයතන සංවර්ධනයේදී වන ප්‍රාග්ධන වියදම්, පුස්තකාල පහසුකම්, රසායනාගාර පහසුකම්, නේවාසික පහසුකම් ආදී සියල්ලම එකතු වී ඇති බව ප්‍රකාශ කළ හැකි වේ.
(ii) වර්ෂ 2013 බඳවා ගත් ප්‍රමාණය - 1,29,770
2014 වර්ෂයේ බඳවා ගැනීමට
අපේක්ෂිත ප්‍රමාණය - 1,35,688
2014 මැයි මාසය දක්වා බඳවා
ගත් ප්‍රමාණය - 70,450
(ඇමුණුම 02 බලන්න. ඇමුණුම 02 සභාගත* කරමි.)
(iii) මෙම අමාත්‍යාංශය යටතේ වන ආයතනයන්ට (ඇමුණුම 03 බලන්න. ඇමුණුම 03 සභාගත* කරමි.) වෘත්තීය පුහුණුව සඳහා සිසුවකු ඇතුළු වීමේදී නිතැතින්ම (i)හි ඉහත පහසුකම ලබා ගැනීමට හිමිකම ලබයි.
(iv) වාර්ෂික අය වැය ඇස්තමේන්තුවෙන් වෙන් කරනු ලබන මුදල ඉහත (ii) පිළිතුරේ දැක්වූ පුහුණුලාභින්ට වැය කරන හෙයින් නැවත අය කර ගැනීමක් සිදු නොවේ.
(v) පැන නොනඟී.
(ආ) (i) පැන නොනඟී.
(ii) පැන නොනඟී.
(ඇ) පැන නොනඟී.
ඇමුණුම 01
යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍යාංශය
මූල්‍ය ප්‍රතිපාදන විස්තර - 2013, 2014
2013 2014
පුනරාවර්තන 4,194,227,000 5,120,108,000
මූලධන 4,654,305.000 6,100, 000,000
එකතුව 8,848,532,000 11,220,108,000
ඇමුණුම 02
Ministry of Youth Affairs and Skills Development
Student Details 2013 - 2014
|
|
Name of Institute |
Intake 2013 |
Target 2014 |
Intake up to May |
|
1 |
DTET |
22,736 |
28,065 |
19,682 |
|
2 |
VTA |
28,446 |
31,685 |
15,875 |
|
3 |
NAITA |
23,571 |
30,000 |
6,401 |
|
4 |
UNIVOTEC |
487 |
860 |
516 |
|
5 |
NIFNE |
2,123 |
1,277 |
682 |
|
6 |
CGTTI |
4,516 |
4,370 |
3,118 |
|
7 |
NYSC |
20,158 |
14,420 |
10,462 |
|
8 |
NIBM |
10,954 |
11,679 |
4,319 |
|
9 |
NSBM |
2,459 |
3,142 |
822 |
|
10 |
SLIOP |
886 |
730 |
402 |
|
Total |
116,336 |
126,228 |
62,279 |
|
|
11 |
NYC |
9,558 |
7,500 |
7,296 |
|
12 |
NCLD |
3,876 |
1,960 |
875 |
|
** |
Grand Total |
129,770 |
135,688 |
70,450 |
ඇමුණුම 03.
අමාත්‍යාංශය යටතේ පවතින වෘත්තීය පුහුණු ආයතන
1. කාර්මික අධ්‍යාපන හා පුහුණු කිරීමේ දෙපාර්තමේන්තුව - DTET
2. තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව - TVEC
3. වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලය - UNIVOTEC
4. ජාතික ව්‍යාපාර කළමනාකාරීත්ව ආයතනය - NIBM
5. ජාතික තරුණ සේවා සභාව - NYSC
6. ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු කිරීමේ අධිකාරිය - NAITA
7. ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය - VTA
8. ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනය - CGTTI
9. ජාතික ධීවර හා නාවික ඉංජිනේරු ආයතනය - NIFNE
10. ශ්‍රී ලංකා මුද්‍රණ ආයතනය - SLIOP
11. මානව සමපත් සංවර්ධනය කිරීමේ ශ්‍රී ලංකා ජාතික සභාව - NHRDC
12. නායකත්ව සංවර්ධන ජාතික මධ්‍යස්ථානය - NCLD
13. ජාතික යොවුන් සේනාංකය - NYC
පිළිතුරු දුන් දිනය
2014-07-22
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ඩලස් අලහප්පෙරුම මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks