බලන්න

02

E   |     |  

 දිනය: 2015-03-04   පිළිතුර ලබා දී ඇත 

4533/2015: පොලිස් සේවයේ නිලධාරීන් : තෙවන දරු උපත් දීමනාව

4533/’13

 

ගරු බුද්ධික පතිරණ මහතා,— මහජන සාමය, ආපදා කළමනාකරණය හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)          (i)      2011 අය - වැය මගින් පොලිස් දෙපාර්තමේන්තුවේ සේවයේ නියුතුවූවන්ගේ පවුල්වල ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා එම පවුල්වල තුන්වැනි දරුවාගේ උපත වෙනුවෙන් රුපියල් ලක්ෂයක දීමනාවක් ලබා දෙන බවට යෝජනා කළ බව දන්නේද;

(ii) එම යෝජනාවට අනුව 2011, 2012, 2013 සහ 2014 වර්ෂවල එම දීමනාව ලබා දී ඇති පවුල් සංඛ්‍යාව වාර්ෂිකව, වෙන් වෙන් වශයෙන්  කොපමණද;

(iii) ඒ සඳහා රජය විසින් දරනු ලැබූ සමස්ත වියදම කොපමණද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ආ) (i) පොලිස් දෙපාර්තමේන්තුවේ සේවයේ නියුතුවූවන්ගේ පවුල්වල තුන්වැනි දරුවාගේ උපත සඳහා රුපියල් ලක්ෂයක දීමනාවක් ලබාදීමේ වැඩ පිළිවෙළ මේ වනවිට ක්‍රියාත්මක වන්නේද;

(ii) මේ වනවිටත් පොලිස් සේවයේ නියුතුවූවෙකු විසින් ඉහත මුදල ලබා ගැනීම සඳහා  අනුගමනය කළ යුතු ක්‍රමවේදය කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?        

(ඇ) නොඑසේ නම්,  ඒ මන්ද?

 

අසන ලද දිනය

2015-03-04

අසන ලද්දේ

ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම.

අමාත්‍යාංශය

මහජන සාමය, ආපදා කළමනාකරණය හා ක්‍රිස්තියානි ආගමික කටයුතු

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)           (i)      ඔව්.

              (ii)      මෙම යෝජනාව 2011 වර්ෂයේ අය-වැය යෝජනා මඟින් ඉදිරිපත් වූ බැවින් 2012 වර්ෂයේ සිට ක්‍රියාත්මක වේ. 

වර්ෂය

පවුල් සංඛ්‍යාව

2012

      380

2013

      600

2014

      300

එකතුව

    1280

             (iii)      රු.128,000,000.00 (රුපියල් මිලියන එකසිය විසිඅටයි)

(ආ)         (i)      ඔව්.

              (ii)      නිලධාරින්/නිලධාරිනියන් විසින් තුන් වන දරු උපත සිදු වීමෙන් පසු පොලිස් මූලස්ථානය මඟින් නිකුත් කර ඇති උපදෙස් පත්‍රිකාව අනුව සකස් කරන ලද අයදුම් පත්‍රය පොලිස් සුබසාධන කොට්ඨාසයේ අධ්‍යක්ෂ වෙත ඉදිරිපත් කිරීමෙන් පසු පොලිස් මූලස්ථානයේ මුදල් අංශය මඟින් අදාළ මුදල දරුවා නමින් ඇති රාජ්‍ය බැංකු ගිණුමක තැන්පත් කරනු ලබයි.

(ඇ) පැන නොනගී.

පිළිතුරු දුන් දිනය

2015-03-04

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ජෝන් අමරතුංග මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks