පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
4532/’13
ගරු බුද්ධික පතිරණ මහතා,— ආරක්ෂක අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) 2011 අයවැය මගින් කළ යෝජනාවක් පරිදි ක්‍රියාත්මක වූ ආරක්ෂක අංශ සාමාජිකයින්ගේ පවුල්වල තුන්වැනි දරුවාගේ උපත වෙනුවෙන් රුපියල් ලක්ෂයක දීමනාවක් ලබාදීමේ වැඩපිළිවෙළ මේ වන විටත් ක්‍රියාත්මක වන්නේද;
(ii) තුන්වැනි දරු උපතකට අදාළව ආරක්ෂක අංශ සාමාජිකයෙකු විසින් ඉහත මුදල ලබා ගැනීම සඳහා අනුගමනය කළ යුතු ක්‍රමවේදය කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2015-02-18
අසන ලද්දේ
ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම.
අමාත්‍යාංශය
ආරක්ෂක
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
* සභාමේසය මත තබන ලද පිළිතුර:
* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :
* Answer tabled:
(අ) (i) නැත. 2011 අය වැය යෝජනාවක් අනුව හමුදා සෙබළ සෙබළියන්ගේ පවුල්වල ආර්ථික දුෂ්කරතා විසඳීමට සහ ඔවුන්ගේ පවුල් පරිසරය ගොඩ නැඟීම සඳහා තුන් අවුරුදු වැඩ පිළිවෙළක් ලෙස ඔවුනට උපදින තුන්වන දරුවා සඳහා රුපියල් 100,000ක ආධාරයක් දීම ක්‍රියාත්මක විය. මෙය විශේෂ ව්‍යාපෘතියක් ලෙස 2011, 2012, 2013 වසරවල ඉපදුණු තුන්වන දරුවන් සඳහා ක්‍රියාත්මක විය.
(ii) ත්‍රිවිධ හමුදාවේ සේවය කරනු ලබන අයගේ පවුල්වල උපත ලබන තුන්වන දරුවාට හිමි රුපියල් 100,000ක ප්‍රතිලාභ මුදල පහත සඳහන් කරුණු සනාථ කර ගැනීමෙන් පසුව, එම ළමයාගේ නමින් වූ ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ, ලංකා බැංකුවේ හෝ මහජන බැංකුවේ ගිණුමකට බැර කරනු ලැබේ.
1. දරු උපතේදී පියා/මව රාජකාරියේ යෙදී සිටින රණවිරුවෙකුද යන වග
2. දරුවාගේ උප්පැන්න සහතිකය
3. තුන්වන දරුවා බවට සහතික කර ගැනීම (පළමුවන හා දෙවන දරුවන්ගේ උප්පැන්න සහතික ලබා ගැනීම මඟින් හෝ ග්‍රාම නිලධාරී මඟින්)
(ආ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2015-03-17
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ගයන්ත කරුණාතිලක මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks