පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
4530/’13
ගරු බුද්ධික පතිරණ මහතා,— ආරක්ෂක අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ආබාධිත රණවිරුවන් ස්වයං රැකියාවලට යොමු කිරීම සඳහා “රණවිරු දිවි නැගුම” නමින් විශේෂ ණය යෝජනා ක්‍රමයක් ආරම්භ කළ බව දන්නේද;
(ii) එසේ නම්, එම ණය යෝජනා ක්‍රමය යටතේ ණය ලබා දෙන ස්වයං රැකියා කවරේද;
(iii) ස්වයං රැකියාවක් ආරම්භ කිරීම සඳහා ලබා දෙන අවම සහ උපරිම ණය මුදල කොපමණද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ආ) (i) “රණවිරු දිවි නැගුම” ණය යෝජනා ක්‍රමය යටතේ ණය මුදලක් ලබා ගැනීම සඳහා අනුගමනය කළ යුතු ක්‍රමවේදය කවරේද;
(ii) ඒ සඳහා ඉටු කළ යුතු ඇප, කොන්දේසි සහ ණය මුදල සඳහා අය කරනු ලබන පොලී අනුපාත කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2015-02-05
අසන ලද්දේ
ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම.
අමාත්‍යාංශය
ආරක්ෂක
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
* සභාමේසය මත තබන ලද පිළිතුර:
* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :
* Answer tabled:
(අ) (i) ඔව්. ආරම්භ කර ඇත.
(ii) ඕනෑම ආදායම් උත්පාදක ව්‍යාපෘතියක් සඳහා මෙම ණය යෝජනා ක්‍රමය යටතේ ණය ලබා ගැනීමට හැකිය. (උදාහරණ:- සත්ව පාලනය, අත්කම් භාණ්ඩ නිෂ්පාදනය, කෘෂි කර්මාන්තය.)
(iii) අවම ණය මුදලක් නොමැත. උපරිම ණය මුදල රුපියල් 500,000.00/-කි. (රුපියල් ලක්ෂ පහකි.)
(ආ) (i) ආසන්නතම ප්‍රාදේශීය සංවර්ධන බැංකු ශාඛාව වෙතින් ණය ඉල්ලුම් පත්‍රයක් ලබා ගෙන, එය නියමිත පරිදි සම්පූර්ණ කර රණවිරු සේවා අධිකාරියේ පළාත් නිලධාරී වෙතින් සහතික කර නැවත එම බැංකුව වෙත භාර දිය යුතු වේ.
(ii) ඇප - පිළිගත හැකි සංසද සාමාජිකයින් දෙදෙනෙකුගේ පුද්ගල ඇප හෝ රජයේ සේවයේ නියුතු දෙදෙනෙකුගේ පුද්ගල ඇප
කොන්දේසි
(i) ආබාධිත/විශ්‍රාමික රණවිරුවකු හෝ මිය ගිය රණවිරුවකුගේ ළඟම ඥාතියකු වීම.
(ii) රණවිරු සංසදයක ලියා පදිංචි සාමාජිකයකු වීම.
(iii) රණවිරු සේවා අධිකාරියේ අදාළ පළාත් නිලධාරිගේ සහතිකය ඉදිරිපත් කළ යුතු වීම.
(iv) ණය වාරිකය, ඉල්ලුම්කරුගේ වැටුපෙන් ගෙවීමට හැකි බවට සහතිකයක්.
පොලී අනුපාතය - වාර්ෂික පොලී අනුපාතය සියයට 7කි.
(ඇ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2015-03-17
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ගයන්ත කරුණාතිලක මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks