පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
4529/’13
ගරු බුද්ධික පතිරණ මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) හුදකලා පාසල් ළමා මිතුරු පරිසරයකට සංවර්ධන කරන බවටත්;
(ii) එම පාසල්වලට ඇතුළත් කර ගන්නා සෑම දරුවෙකුටම නොමිලේ ධාන්‍ය, බිත්තර සහ කිරි සහිත ආහාර සැපයීමටත්;
(iii) එම පාසල් දරුවන් සඳහා පාවහන් යුගලක් හා වර්ෂය මැදදී අමතර නිල ඇඳුමක් නොමිලේ ලබා දෙන බවටත්;
2013 අයවැයෙන් යෝජනා කළ බව එතුමා දන්නෙහිද?
(ආ) (i) මේ වන විට සංවර්ධනය කර ඇති ළමා මිතුරු පාසල් සංඛ්‍යාව කොපමණද;
(ii) ඉහත (අ) (ii) හා (iii) හි සඳහන් යෝජනා මේ වන විට ක්‍රියාත්මක වන්නේද;
(iii) එසේ නම්, එම යෝජනා ක්‍රියාත්මක වන පාසල් සංඛ්‍යාව කොපමණද;
(iv) එම යෝජනා ක්‍රියාත්මක නොවන්නේ නම්, ඊට හේතු කවරේද;
(v) එසේ නම්, ඉහත යෝජනා ක්‍රියාත්මක කරන දිනය කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2015-01-22
අසන ලද්දේ
ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම.
අමාත්‍යාංශය
අධ්‍යාපන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) ඔව්.
(ii) ඔව්.
(iii) ඔව්.
|
වැඩසටහන |
පහසුකම් ලබන පාසල් සංඛ්‍යාව |
||
|
|
හුදකලා |
දුෂ්කර, අති දුෂ්කර |
අනෙකුත් පාසල් |
|
වසර මැද අතිරේක නිල ඇඳුම් කට්ටලය ලබා දීම |
770 |
3324 |
- |
|
නොමිලේ පාවහන් ලබා දීම |
770 |
3324 |
- |
|
ධාන්‍ය හා බිත්තර ඇතුළත්ව ආහාර ලබා දීමේ වැඩසටහන |
770 |
3324 |
3703 |
|
නැවුම් කිරි ලබා දීම |
- |
- |
302 |
(ආ) (i) 6,331යි.
(ii) ඔව්.
(iii)
(iv) අදාළ නොවේ.
(v) අදාළ නොවේ.
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2015-03-03
විසින් පිළිතුරු දෙන ලදී
ගරු අකිල විරාජ් කාරියවසම් මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks