පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
4508/’13
ගරු අබ්දුල් හලීම් මහතා,— වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) වර්ෂ පහළොවකට ආසන්න කාලය තුළ විවිධ අවස්ථාවලදී වර්ෂාව නිසා අකුරණ නගරය ජලයෙන් යට වූ බවත්;
(ii) නගරය ජලයෙන් යටවීම හේතුවෙන් ව්‍යාපාර ස්ථානවලට හා නගරවාසීන්ට අතිවිශාල අලාභයක් සිදු වී ඇති බවත්;
(iii) අකුරණ නගරය ජලයෙන් යට වූ අවස්ථාවලදී යාපනය - මහනුවර මාර්ගය (A9) භාවිතා කිරීමට නොහැකි වූ බවත්;
(iv) 1997 වර්ෂයේදී අකුරණ නගරය ජලයෙන් යට වූ අවස්ථාවේදී නිලධාරීන්ගේ උපදෙස් අනුව නගරය ඔස්සේ ගලා යන ඇළ මාර්ගය අවහිර වන ලෙස ඉදිකර තිබූ ගොඩනැගිලිවල කොටස් ඉවත් කළ බවත්;
(v) අකුරණ මහ පල්ලියේ සහ ප්‍රදේශවාසීන්ගේ ආධාරයෙන් රුපියල් මිලියන 5ක පමණ වියදමෙන් එකී ඇළ මාර්ගයේ රොන් මඩ දෙවතාවක් ඉවත් කළ බවත්;
(vi) එමෙන්ම ඇළට යාබදව තිබූ සියලුම ලී මෝල් ඉවත් කරන ලද බවත්;
(vii) එසේ වුවද, 2013 ඔක්තෝබර් මස 31 වැනි දින ඇද හැලුණු වර්ෂාවෙන් අකුරණ නගරය නැවත ජලයෙන් යට වූ බවත්;
එතුමා දන්නෙහිද?
(ආ) අකුරණ නගරය ජලයෙන් යටවීමේ ගැටලුව විසඳීම සඳහා රේඛීය අමාත්‍යාංශයේ මූලිකත්වයෙන්, අනෙකුත් අමාත්‍යාංශ ද සම්බන්ධ කර ගෙන යම් අධ්‍යයනයක් කර තිරසාර පිළියමක් යෙදීමට ක්‍රියා කරන්නේද යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2014-06-19
අසන ලද්දේ
ගරු අබ්දුල් හලීම් මහතා, පා.ම.
අමාත්‍යාංශය
වාරිමාර්ග හා ජලසම්පත් කළමනාකරණ
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
* සභාමේසය මත තබන ලද පිළිතුර:
* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :
* Answer tabled:
(අ) (i) ඔව්.
(ii) ඔව්, අලාභයේ ප්‍රමාණය පිළිබඳව නොදනී.
(iii) ඔව්.
(iv) නොදනී.
(v) නොදනී.
(vi) නොදනී.
(vii) ඔව්.
(ආ) අකුරණ නගරය හා ඊට යාබදව ගලන අකුරණ ඇළ ආශ්‍රිතව ගොඩනැඟිලි ඉදි කිරීම සඳහා අනුමැතිය ලබා දෙනු ලබන්නේ එම ප්‍රදේශයට අදාළ පළාත් පාලන ආයතන විසිනි. යම්කිසි ඉදි කිරීමක් සිදු කිරීමට පෙර ඇළ මාර්ග සහ ගංගාවල ජල ගැලීම් අවහිර නොවන ලෙස ඉදි කිරීම් සිදු කිරීමට අවශ්‍ය නිර්දේශ අදාළ පරිදි මහවැලි අධිකාරියෙන් හෝ වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් ලබා ගත යුතුව ඇත. අකුරණ ඇළ ආශ්‍රිත ඉදි කිරීම් සඳහා ප්‍රාදේශීය සභාව විසින් අනුමැතිය ලබා දීමේදී අදාළ ආයතනවලින් නිර්දේශ ලබා ගැනීමට කටයුතු කර නොමැති බව පෙනේ.
එසේ වුවත් මෙම කරුණු පිළිබඳව අධයනයක් සිදු කර වාර්තාවක් ලබා දෙන ලෙස ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් වෙත මා විසින් උපදෙස් ලබා දී ඇත. එහි මූලික සාකච්ඡාවක් 2014-06-19 වන දින අකුරණ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවැත්වෙන අතර, එම සාකච්ඡාවෙන් අනතුරුව ලබා දෙන නිර්දේශ පදනම් කර ගනිමින් මෙම ගැටලුවට තිරසාර විසඳුමක් ලබා දීම සම්බන්ධව වාර්තාවක් පාර්ලිමේන්තු කාරක සභාවට ඉදිරිපත් කිරීමට තීරණය කරමි.
එම වාර්තාවේ අන්තර්ගතය පිළිබඳව සාකච්ඡා කිරීමේදී ගරු අබ්දුල් හලීම් මැතිතුමාටද ඊට සහභාගී වීමට අවස්ථාවක් ලබා දීමට කටයුතු කළ හැක.
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2014-06-19
විසින් පිළිතුරු දෙන ලදී
ගරු නීතිඥ නිමල් සිරිපාල ද සිල්වා මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks