පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
0090/'10
ගරු අජිත් කුමාර මහතා,— පරිසර අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ජංගම දුරකථන සඳහා පරිසර සංරක්ෂණ බද්දක් පනවා තිබේද;
(ii) එසේ නම්, කෙදිනක සිට මෙම බදු අයකිරීම ආරම්භ කරන ලද්දේද;
(iii) 2010 වර්ෂයේ මෙම බද්ද හේතුවෙන් කොපමණ මුදලක් අයකර ගැනීමට අපේක්ෂා කරන්නේද;
(iv) එසේ බදු අය කළේ නම්, කොපමණ මුදලක් මහා භාණ්ඩාගාරයට යවා තිබේද;
(v) බදු මුදලින් කොපමණ ප්‍රමාණයක් ජංගම දුරකථන හේතුවෙන් හානිවන පරිසරය සංරක්ෂණය කිරීමට යොදවා තිබේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) ජංගම දුරකථන භාවිත කර ඉවත දමන බැටරි කොපමණ සංඛ්‍යාවක් පරිසරයට හානියක් නොවන පරිදි 2009 වර්ෂයේදී ඉවත් කරන ලද්දේද යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2010-06-09
අසන ලද්දේ
ගරු ගරු අජිත් කුමාර මහතා, පා.ම., මහතා, පා.ම.
අමාත්‍යාංශය
පරිසර
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks