01

E   |     |  

 දිනය: 2015-02-06   පිළිතුර ලබා දී ඇත 

4474/2015: දුම්රිය දෙපාර්තමේන්තුවට බඳවා ගත් සේවකයන් : ස්ථිර කිරීම

4474/’13

 

ගරු බුද්ධික පතිරණ මහතා,— අභ්‍යන්තර ප්‍රවාහන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)      ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ, ප්‍රවාහන උප දෙපාර්තමේන්තුව සඳහා දුම්රිය කාර්ය සහායක, සනීපාරක්ෂක කම්කරු සහ කාර්යාල කම්කරු තනතුරු සඳහා 2009.05.15 සහ 2009.11.17 දිනැති පත්වීම් ලිපි මගින් සේවකයින් පිරිසක් බඳවාගෙන ඇති බවත්;

(ii) මෙතෙක් ඔවුන්ගේ සේවය ස්ථිර කර නොමැති බවත්;

එතුමා දන්නෙහිද?

(ආ) (i) ඉහත සඳහන් පරිදි බඳවා ගන්නා ලද සේවකයින් සංඛ්‍යාව කොපමණද;

(ii) ඔවුන් ස්ථිර කරනු ලබන්නේ නම්, එම දිනය කවරේද;

(iii) ඒ සඳහා අනුගමනය කරනු ලබන ක්‍රමවේදය කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?   

(ඇ) නොඑසේ නම්,  ඒ මන්ද?

 

අසන ලද දිනය

2015-02-06

අසන ලද්දේ

ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම.

අමාත්‍යාංශය

අභ්‍යන්තර ප්‍රවාහන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)       ඔව්.

              (ii)       2014.10.24 දින සිට ස්ථිර කර ඇත.

 

(ආ)         (i)       132කි.

              (ii)       2014.10.24 දින සිට ස්ථිර කර ඇත.

             (iii)       2014.11.12 දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 25/2014 අනුව, 2014.10.24 දිනට අඛණ්ඩව දින 180ක සතුටුදායක සේවා කාලයක් සම්පූර්ණ කර ඇති අවම වශයෙන් 08 ශ්‍රේණිය/9 වසර සමත් සේවකයන්ට ස්ථිර පත්වීම් ප්‍රදානය කර ඇත.

(ඇ) අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2015-02-06

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ආර්. එම්. රංජිත් මද්දුම බණ්ඩාර මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks