පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
4465/’13
ගරු අනුර දිසානායක මහතා,— සිවිල් ගුවන් සේවා අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) සී/ස මිහින් ලංකා (පුද්ගලික) සමාගම 2010/2011 වර්ෂයේදී ලැබූ ශුද්ධ අලාභය කොපමණද;
(ii) එම වර්ෂයේ ගිණුම් පිළිබඳව විගණනය කළ වරළත් ගණකාධිකාරීවරුන් වන ප්‍රයිස් වෝටර් හවුස් කූපර්ස් ආයතනය විසින් මිහින් ලංකා සමාගමේ පැවැත්ම පිළිබඳව මතයක් ඉදිරිපත් කර තිබේද;
(iii) එසේ නම්, එකී ආයතනය පළ කර ඇති මතයේ “වර්ෂය තුළ මිහින් ලංකා සමාගම රුපියල් මිලියන 940.49 ක අලාභයක් පෙන්වා ඇති අතර, ජංගම වගකීම් රුපියල් මිලියන 1,083.92 කින් ජංගම වත්කම් ඉක්මවා ගොස් රුපියල් මිලියන 3,814.45ක සෘණ ශුද්ධ අගයක් පෙන්නුම් කරන බැවින් සමාගම ක්‍රියාත්මක තත්ත්වයේ ව්‍යාපාරයක් ලෙස අඛණ්ඩව පවත්වාගෙන යාමට ඇති හැකියාව පිළිබඳව සැක සහිත තත්ත්වයක් පෙන්නුම් කරයි.” යනුවෙන් සඳහන් වී තිබේද;
(iv) එම තත්ත්වය තුළ සී/ස මිහින් ලංකා (පුද්ගලික) සමාගම තවදුරටත් පවත්වාගෙන යෑම සඳහා මහජන මුදල් යෙදවීම ඵලදායක නොවන බව රජය පිළිගන්නේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2014-08-21
අසන ලද්දේ
ගරු අනුර දිසානායක මහතා, පා.ම.
අමාත්‍යාංශය
වරාය, නාවික හා ගුවන්සේවා
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) රුපියල් මිලියන නවසිය හතළිහයි දශම හතරයි නවයක අලාභයකි. (රුපියල් මිලියන 940.49)
(ii) නැත.
(iii) තත්ත්වාගණනය කෙරෙන මතයක් ප්‍රකාශ නොකර, විගණකයින් කරුණු අවධාරණය කිරීම යටතේ 2011 වාර්ෂික වාර්තාවෙහි මූල්‍ය ප්‍රකාශවලට අයත් 3 වන සටහන කෙරෙහි අවධානය යොමු කර ඇත.
(iv) නැත.
(ආ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2015-02-18
විසින් පිළිතුරු දෙන ලදී
ගරු අර්ජුන රණතුංග මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks