පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
4434/’13
ගරු තලතා අතුකෝරල මහත්මිය,— සමූපකාර හා අභ්‍යන්තර වෙළඳ අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් කිරිපිටි මිල ඉහළ නැංවීමට අවසර ලබා දී තිබේද;
(ii) එසේ නම්, එම දිනය කවරේද;
(iii) දැනට කිරිපිටි සඳහා උපරිම සිල්ලර මිලක් තිබේද;
(iv) එසේ නම්, එම මිල කොපමණද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ආ) කිරිපිටි සඳහා උපරිම සිල්ලර මිලක් නියම කර තිබියදී, සමහර කිරිපිටි සමාගම් තම අභිමතය පරිදි එම මිල ඉක්මවා කිරිපිටි අලෙවි කරනු ලබන විට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් ගන්නා වූ ක්‍රියාමාර්ග කවරේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2014-05-20
අසන ලද්දේ
ගරු නීතිඥ තලතා අතුකෝරල මහත්මිය, පා.ම.
අමාත්‍යාංශය
සමූපකාර හා අභ්‍යන්තර වෙළඳ
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) එක් එක් සන්නාම නාම සහිත කිරි පිටි වර්ග වෙනුවෙන් අදාළ ආනයනකරුවන් සදහා ඔවුන්ගේ ඉල්ලීම්වල දක්වන කරුණුවල සාධාරණභාවය සලකා එම සන්නම් නාමවලට කිරි පිටි මිල ඉහළ නැංවීමට අවසර ලබා දී ඇත.
(ii) 2014 වසර තුළ පෙබරවාරි මස 01 වන දින සිට පහත සඳහන් සන්නම් නාම සඳහා මිල වැඩි කිරීමට අවසර දී ඇත.
-ඇන්කර් /රත්තී
-ලක්ස්ප්‍රේ
- මිල්ග්‍රෝ
-මැලිබන්
-කැන්ඩි
(iii) එක් එක් සන්නම් නාම සහිත කිරිපිටි සඳහා වෙන් වෙන් වශයෙන් උපරිම සිල්ලර මිලක් ඇත.
(iv) ඉහත සන්නම් නාම සහිත කිරි පිටි සඳහා පහත මිල ලබා දී ඇත.
කිලෝග්‍රෑම් එකක් සඳහා රු.962/-
ග්‍රෑම් 400ක් සඳහා රු. 386/-
(ආ) ඇමුණුමෙහි දක්වා ඇත. ඇමුණුම සභාගත* කරමි.
(ඇ) අදාළ නොවේ.
* සභාමේසය මත තබන ලද ඇමුණුම:
சபாபீடத்தில் வைக்கப்பட்ட இணைப்பு :
Annex tabled:
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනතෙහි 18 වෙනි වගන්තිය යටතේ කිරි පිටි නිශ්චිත භාණ්ඩයක් ලෙස නියම කර ඇති අතර කිරි පිටි නිෂ්පාදකයින් හා ආනයනකරුවන් එහි සිල්ලර මිල වැඩි කිරීම සඳහා පූර්ව ලිඛිත අවසරයක් අධිකාරියෙන් ලබා ගත යුතු වේ. කිරි පිටි නිෂ්පාදකයන් හා ආනයනකරුවන්ට එසේ මිල වැඩි කිරීමට අවශ්‍ය වූ විට ඉල්ලුම් කරන අතර, එම ඉල්ලුම් පත සමඟ ඉදිරිපත් කරනු ලබන කරුණු සලකා අධිකාරිය විසින් සාධාරණ උපරිම සිල්ලර මිලක් කිරි පිටි සඳහා ලබා දේ. කිරි පිටි සඳහා එසේ ලබා දෙන ලද මිලට වඩා වැඩි මිලකට විකුණන අවස්ථාවන්හි දි වෙළඳපළ වැටලීමෙන් අනතුරුව එම නිෂ්පාදකයින් හා ආනයනකරුවන් සඳහා එක්ව හෝවෙන් වෙන් වශයෙන් අදාළ පනතේ ප්‍රතිපාදන උල්ලංඝනය කිරීම සම්බන්ධව නඩු පැවරීම සිදු කරනු ලබයි.
එසේ වුවද, මැලිබන් කිරි පිටි නිෂ්පාදන සමාගම විසින් මැලිබන් කිරි පිටි සඳහා විමර්ශන/වැටලීම් සිදු කිරීම වළක්වමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට එරෙහිව අභියාචනාධිකරණය අංක 339/2013 යටතේ රිට් ප්‍රොහිබිෂන්- (Writ of Prohibition) නියෝග අපේක්ෂාවෙන් නඩුවක් ගොනු කර ඇත. මෙම නඩුව දැනට විභාගවෙමින් පවතී.
පිළිතුරු දුන් දිනය
2014-05-20
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks