01

E   |     |  

 දිනය: 2014-05-07   පිළිතුර ලබා දී ඇත 

4431/2014: ටෙලිමේල් ‍සේවාව : ගාස්තු ක්‍රමය

4431/’13

 

ගරු තලතා අතුකෝරල මහත්මිය,— තැපැල් සේවා අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)       විදුලි පණිවිඩයක් (ටෙලිග්‍රෑම්) යැවීම සඳහා අය කළ සාමාන්‍ය ගාස්තු ක්‍රමය කවරේද;

            (ii)       ටෙලිමේල් ‍සේවාව සඳහා අදාළ ගාස්තු ක්‍රමය කවරේද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ආ)  (i)  ආයතන සංග්‍රහය අනුව රජයේ සේවකයින්ට රාජකාරියට වාර්තා කිරීමට අපහසු අවස්ථාවන්හිදී, ඒ පිළිබඳව නිල වශයෙන් තම කාර්යාලයට දැනුම් දීමේ පිළිගත් ක්‍රමය වූයේ විදුලි පණිවිඩ සේවාව බව පිළිගන්නේද;

  (ii)  එම ක්‍රමය වෙනුවට විධිමත් ටෙලිමේල් ක්‍රමයක් භාවිතා කිරීමේ  අවස්ථාව රජයේ සේවකයින්ට ලබාදී තිබේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?        

(ඇ)  නොඑසේ නම්,  ඒ මන්ද?

 

අසන ලද දිනය

2014-05-07

අසන ලද්දේ

ගරු නීතිඥ තලතා අතුකෝරල මහත්මිය, පා.ම.

අමාත්‍යාංශය

තැපැල් සේවා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

* සභාමේසය මත තබන ලද පිළිතුර:

* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :

* Answer tabled:

 

(අ)           (i)      සාමාන්‍ය විදුලි පණිවිඩය

                        පළමු වචන 10ක් සඳහා රුපියල් 3ක මුදලක් හා ඊට වඩා වැඩි වන සෑම වචනයක් සඳහා ශත 25ක් බැගින් වන ගාස්තුවක් අය කරන ලදි.

                        ශීඝ්‍රගාමී විදුලි පණිවිඩය

                        සාමාන්‍ය විදුලි පණිවිඩ ගාස්තුව මෙන් දෙගුණයකි.

               (ii)         පළමු වචන 10 සඳහා රුපියල් 20ක් ද, ඊට වැඩි වන සෑම වචනයක් සඳහාම රුපියල් 1.50 බැගින් ද අය කෙරේ.  (ලබන්නාගේ ලිපිනයට මුදල්  අය නොකෙරේ.)  රුපියල් 10ක ස්ථාවර ගාස්තුවක් සෑම ටෙලිමේල් පණිවිඩයකටම අය කෙරේ.

(ආ)        (i) ඔව්.

  (ii)    ඔව්. 2013.11.05 දින නිකුත් කරන ලද රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 24/2013 මඟින් එම අවස්ථාව ලබා දී ඇත.  ඒ අනුව ආයතන සංග්‍රහයේ VI වන පරිච්ඡේදයේ 2:5 උපවගන්තිය අවලංගු කර, XII වන පරිච්ඡේදයේ 1:5 උපවගන්තිය සහ XXVIII වන පරිච්ඡේදයේ 6:4 උප වගන්තීන සංශෝධනය කර ඇත.        

(ඇ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2014-05-07

විසින් පිළිතුරු දෙන ලදී

ගරු දිනේෂ් ගුණවර්ධන මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks