01

E   |     |  

 දිනය: 2014-05-20   පිළිතුර ලබා දී ඇත 

4416/2014: නොරොච්චෝලේ සිට අනුරාධපුරය දක්වා ඉදිවන අධිසම්ප්‍රේෂණ මාර්ගය: අවතැන්වූවන්ට වන්දි

4416/’13

 

ගරු නලින් බණ්ඩාර ජයමහ මහතා,— විදුලිබල හා බලශක්ති අමාත්‍යතුමියගෙන් ඇසීමට,— 

(අ)        (i)      නොරොච්චෝලේ විදුලි බලාගාරයේ සිට අනුරාධපුරය දක්වා විදුලිය සම්ප්‍රේෂණය කරන කිලෝවොට් 220 අධි සම්ප්‍රේෂණ මාර්ගය ඉදිකිරීම නිසා අගතියට පත් පවුල් සංඛ්‍යාව කොපමණද;

(ii) එම සෑම පවුලකටම වන්දි ගෙවා තිබේද;

(iii) එලෙස ගෙවා ඇති වන්දි මුදල්වල වටිනාකම  කොපමණද;

(iv) ඉහත සම්ප්‍රේෂණ මාර්ගය ඉදිකිරීමේදී මෙතෙක් වන්දි නොලැබුණු, අවතැන්වූ පිරිසක් සිටින්නේද;

(v) එම පිරිසට වන්දි ගෙවීම ප්‍රමාදවීමට හේතු කවරේද;

(vi) ඉහත ව්‍යාපෘතියට අදාළව ගෙවිය යුතු සියලුම වන්දි මුදල් ගෙවා අවසන් කිරීමට ගතවන කාලය කොපමණද;

යන්න එතුමිය මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්,  ඒ මන්ද?

 

අසන ලද දිනය

2014-05-20

අසන ලද්දේ

ගරු නලින් බණ්ඩාර ජයමහ මහතා, පා.ම.

අමාත්‍යාංශය

විදුලිබල හා බලශක්ති

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      නොරොච්චෝලේ විදුලි බලාගාරයේ සිට අනුරාධපුර උප පොළ දක්වා විදුලිය සම්ප්‍රේෂණය කරන කිලෝවොට් 220 විදුලි සම්ප්‍රේෂණ මාර්ගය ඉදිකිරීම නිසා අගතියට පත් වන අය පිළිබඳ විස්තර පහත දැක්වේ.

                           I.      රැහැන් මාර්ගය නිවාස 17ක් ඉහළින් ගමන් කරන නිසා අගතියට පත්වන පවුල් සංඛ්‍යාව 17කි.

II. රැහැන් මාර්ගය ඉඩම් සහ වගා බිම් 406ක් ඉහළින් ගමන් කිරීම නිසා අගතියට පත් පුද්ගලයන් ගණන 406කි.

(ii) අගතියට පත්වන අය සඳහා වන්දි ගෙවීම පහත සඳහන් පරිදිය.

I.  අගතියට පත් වූ නිවාස 17 සඳහා වන්දි මුදල් ගෙවා අවසාන කර ඇත.

II. ඉඩම් සහ වගා බිම් 385ක් සඳහා වන්දි ගෙවා නිම කර ඇති අතර ඉතිරි 21 සඳහා වන්දි ගෙවීමට කටයුතු කෙරෙමින් පවතී.

(iii) දැනට ගෙවා ඇති වන්දි මුදල්වල වටිනාකම් පහත සඳහන් පරිදි වේ.

I.  නිවාස 17ක් සඳහා රු. 27,158,040.95

II. ඉඩම් සහ වගා බිම් 385ක් සඳහා රු. 1,341,703.45

(iv) සම්ප්‍රේෂණ මාර්ග ඉදි කිරීමේදී කිසිදු පවුලක් අවතැන් වන්නේ නැත.

(v) අගතියට පත්වන නිවාස හිමි පවුල් 17 සඳහා වන්දි ගෙවා නිම කර ඇත. අගතියට පත් වන ඉඩම් සහ වගා බිම් 21ක් සඳහා වන්දි ගෙවීමේ කටයුතු දැනට කෙරෙමින් පවතී.

(vi) 2014 දෙසැම්බර් 31 වන දිනට ප්‍රථම සියලුම වන්දි මුදල් ගෙවා අවසන් කෙරේ.

(ආ) පැන නොනඟී.

පිළිතුරු දුන් දිනය

2016-07-08

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ප්‍රේමලාල් ජයසේකර මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks