බලන්න

04

E   |     |  

 පිළිතුර ලබා දීමට ඇත 

4413/2014: MaOya Dam - Mawanella Drinking Water Project

4413/’13

 

ගරු නලින් බණ්ඩාර ජයමහ මහතා,— ජල සම්පාදන හා ජලාපවහන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)        (i)       පානීය ජල ව්‍යාපෘති සඳහා වර්ෂය පුරා අඛණ්ඩව ජලය සැපයීම සඳහා            මා ඔයෙහි ජලය යොදා ගැනීමේ අරමුණින් ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය විසින් මාවනැල්ල නගරයට ආසන්නව එම ඔය හරස්කර ඉදිකිරීමට යෝජනා කර ඇති ජලාශ ව්‍යාපෘතියේ  ඉදිකිරීම කඩිනමින් ආරම්භ කිරීමට කටයුතු කරන්නේද;

  (ii)  එම ව්‍යාපෘතිය සඳහා වැය‍වන මුදල කොපමණද;

  (iii)  එම මුදල සපයා ගැනීමට අපේක්ෂා කරන ක්‍රමවේදය කවරේද;

  (iv)  ණය ආධාරයක් ලෙස එම මුදල සපයා ගන්නේ නම්, ණය පොලී අනුපාතය කවරේද;

  (v)  එම ණය මුදල ලබා ගන්නා ආයතනය කවරේද;

  (vi)  එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට ගතවන කාලය කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ)  නොඑසේ නම්,  ඒ මන්ද?

 

අසන ලද දිනය

2014-05-08

අසන ලද්දේ

ගරු නලින් බණ්ඩාර ජයමහ මහතා, පා.ම.

අමාත්‍යාංශය

ජලසම්පාදන හා ජලාපවාහන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks